ශ්‍රීලනිපයේ නව සංවිධායකයින් පත්කිරීමත් සමග අභ්‍යන්තර මතගැටුම් - ජෙෂ්ඨයෝ කල කිරෙති
පක්‍ෂය විසින් ගන්නා බොහෝ තීන්දු තීරණ සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂඨ නායකයින් බොහෝ දෙනෙකු කලකිරීමට...

https://www.sathhanda.com/2016/08/slfp_18.html
පක්‍ෂය විසින් ගන්නා බොහෝ තීන්දු තීරණ සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂඨ නායකයින් බොහෝ දෙනෙකු කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙනවා. නව ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් පිරිසක් ඊයේ දිනයේ පත් කිරීම මෙන්ම එජාප-ශ්‍රීලනිප හවුල් ආන්ඩු ගිවිසුම වසර පහක් තෙක් දිගු කිරීම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට
පත් වී පසු බව පැවසෙයි.
ඇතැම් තීන්දු සම්බන්ධයෙන් පක්‍ෂයේ ඉතාෙ සුළු
පිරිසක් පමනක් පූර්ව දැනුවත් කිරීමක් සිදු කරන බවද වාර්තා වන අතර ඒකාබද්ද
විපක්‍ෂය විසින් පැවැත් වූ මැයි රැළියට හා පාද යාත‍්‍රාවට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත‍්‍රීන්ට විනය පියවර ගැනීමට විරෝධය පල කරන ලද ජ්‍යෙෂ්ඨයින් මෙසේ කොන් කිරීමට ලක්ව ඇතැයිද සඳහන්ය.
එනිසා
මෙසේ පක්ෂයේ කිහිප දෙනෙකු විසින් මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ගනු
ලබන තීරණ නිසා පක්ෂය අභ්‍යන්තරයේ දරුණු අර්බුදයක් මතුව තිබේ.
Related