අවුරුදු 8ක් පරණ මාළු ටොන් 3ක් හමුවෙයි - එවක ඇමති රාජිත සේනාරත්නයි

ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරයක තිබී වසර 08ක් පමණ පැරණි ටොන් 03ක මත්ස්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ධීවර හා...

ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරයක තිබී වසර 08ක් පමණ පැරණි ටොන් 03ක මත්ස්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  දැනුම් දී තිබේ.

ධීවර සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරන ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. බාලසුගමුනියම්ට අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

විදේශ රටකින් මිලදී ගන්නා ලද මෙම මත්ස්‍ය තොගය බෙදා නොහැර සංස්ථාවට විශාල වශයෙන් මූල්‍යමය අලාභයක් සිදු කළේ කවුරුන්ද යන්න සොයා බලන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා දැනුම්දී ඇත.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඊට සම්බන්ධනම් ඔවුන්ගෙන් එම අලාභය අය කර ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ලංකා ධීවර සංස්ථාවේ වැඩබලන සභාපතිවරයාට නියෝග කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
 
පසුගිය සමයේ ධීවර ඇමති රාජිත සේනාරත්න වේ. ඇමති රාජිත සේනාරත්නට ඇති චෝදනා ගණන ඉතා විශාල වන අතර 11 වතාවක් අල්ලස් කොමිසමට කඳවු නමුත් මේ වනතුරුත් ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නැත. තම බලය අයුතු ලෙස භාවිතා කරමින් ඔහු පරීක්ෂන් මග හැර ඇත. මේ කුණු මාළු පරීක්ෂණයත් එසේම වෙනු ඇත.
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2667096314687240675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item