ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

  සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළ...

 
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියළුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත්විය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් හා කුසල් ජනිත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විණ.

පන්දුවෙන් දස්කම් පෑ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 49දී කඩුළු 3ක් බිඳ දැමූ අතර එම කඩුළු ත්‍රිත්වය පන්දු 3කදී දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.2ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 206ක් පමණි.

එහිදී මැතිව් වේඩ් ලබාගත් ලකුණු 76 හැරුණුවිට සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය.

පන්දුවෙන් දස්කම් පෑ අමිල අපෝන්සෝ ලකුණු 18ට කඩුළු 4ක්, තිසර පෙරේරා ලකුණු 33ට කඩුළු 3ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ට කඩුළු 2ක් ලබාගන්නා ලදී.

ඒ අනූව තරඟ 5න් සමන්විත එක්දින තරඟාවලියේ මුල් තරඟ දෙක එක බැගින් ජය ගනිමින් දෙපිලම සම සමව සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8592573158352090386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item