කුළුබඩු අපනයන ආදායම 30% කින් පහළට

2016 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 707 දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 0.9% ක සුළු අඩුවීමක් වාර්තා කර තිබේ. ම...

2016 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 707 දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 0.9% ක සුළු අඩුවීමක් වාර්තා කර තිබේ. මෙහිදී මුළු අපනයනයෙන් 7.7% ක් පමණ වන කාර්මික අපනයන ආදායම 2015 අප්‍රේල් මාසය සමඟ සැසඳීමේ දී 3.1% කින් වර්ධනය වූ අතර රෙදිපිළි හා ඇඟළුම් අපනයනයෙහි පැවති යහපත ක්‍රියාකාරීත්වය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මෙම වකවානුවේ දී යුරෝපා සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදුකළ ඇඟළුම් ආපනයන පිළිවෙලින් 3.7% හා 3.1% කින් වර්ධනය වී ඇති අතර අප්‍රේල් මාසය තුළ දී රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම පෙර වසරේ අනුරූ කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඩොලර් මිලියන 340 ක් දක්වා 3.1% කින් වර්ධනය වී තිබේ.

මේ අතර කාර්මික නිෂ්පාදිත යටතේ වර්ග කර ඇති ආහාර, පාන වර්ග හා දුම්කොළ, මූල ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සහ සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන් යනාදියෙහි අපනයන ආදායම් ද 2016 අප්‍රේල් මාසයේ දී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත.

කෙසේ වෙතත් තේ සහ කුළුබඩු අපනයන අඩුවීම මූලික කොටගෙන කෘෂිකාර්මික අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.4% කින් අඩුවීම අප්‍රේල් මාසයේ සමස්ත අපනයන ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුවී තිබේ.

තේ සඳහා වූ ගෝලීය ඉල්ලුම අඩුවීම සහ අනෙකුත් රටවලින් කළු තේ සැපයීම ඉහළ යාම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ තේ අපනයන පරිමාවන් සහ මිල ගණන් 2015 අප්‍රේල් මාසය සමග සැසඳීමේ දී අඩුවීම, අපනයන ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු විය. 2015 වසර අවසාන භාගයේ සිට දක්නට ලැබුණු අඩු වීමේ ප්‍රවණතාවය තවදුරටත් පෙන්නුම් කරමින් 2016 අප්‍රේල් මාසයේ දී කුළුබඩු අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 30% කින් විශාල වශයෙන් අඩු වී තිබෙන අතර කරාබු නැටි සහ ගම්මිරිස් අපනයනවල දුර්වල ක්‍රියාකාරීත්වය මේ සඳහා හේතු විය. තවද සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත සහ මුහුදු ආහාර අපනයන ආදායම් ද මෙම මාසය තුළ දී 32.8% හා 18.6% බැගින් පහළ ගොස් තිබේ.

2016 පළමු මාස 4 තුළ දී මුළු අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 3,435 ක් දක්වා 4.5% කින් අඩු වූ අතර ප්‍රවාහන උපකරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. 2016 පළමු මාස 4 තුළ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳපොළ ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය පැවති අතර, මෙම රටවලට සිදුකළ අපනයන මුළු අපනයනවලින් 54% ක් පමණ විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 7072668460416388116

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item