පොලිස්පති ගැන තීරණයක් ගන්න කොමිසම සූදානම්

පොලිස්පතිවරයා විසින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ රැස් වී තීරණය කරන බව ජාත...

පොලිස්පතිවරයා විසින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ රැස් වී තීරණය කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි. පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ  කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයා පත්කිරීම සම්බන්ධයෙන් කොමිසම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම පසුගියදා නිර්දේශ කරන ලදී. අගෝස්තු මස 09 වන දින සිට අදාළ පත් කිරීම සිදුකිරීමට නියමිතව තිබුණද මෙතෙක් පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබදව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති අතර අද දිනයේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන බව එහි ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේය. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී තීරණයක් ගන්නා බව ආරියදාස කුරේ  වැඩිදුරටත් කියා සිටියේය.

වාර්තා වන අන්දමට ලතීෆ් මහතා දැනට රාජකාරි කටයුතු කරනු ලබන ස්ථානයෙන් නිදහස් කිරීමක් මෙතෙක් සිදුව නොමැති අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පොලිස්පති වරයා හරහා එය පමා කරනු ලැබී ඇති බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 699343246337471934

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item