වැට්‌ සටනට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ කඩ හතකට සීල්

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධ...

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍ර (සීල්) තබා ඇතැයි වාර්තා වේ.

මේ අනුව මේ වන විට වෙළෙඳසල් හතක්‌ පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍ර තැබූ වෙළෙඳසල් තුනක්‌ මුදල් තැන්පතුවක්‌ මත විවෘත කිරීමට පසුව අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රටට රෙදිපිළි ගෙනැවිත් ඇතැයි පවසමින් එම වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් පරීක්‍ෂා කොට සීල් තැබීමට පියවර ගෙන ඇති බවත් මෙහි සැබෑ අරමුණ තොග හා සිල්ලර වෙළෙදමට ද අදාළ වන පරිදි සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමට එරෙහිව රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසා වෙළෙඳුන් විසින් සිදුකළ විරෝධතාවන්ට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ක්‍රියාකාරීන් බියවැද්දීම බව ද එම වෙළෙඳ සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අනුව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ සභාපති සරත් ධර්මසිරි , එහි ලේකම් ඉන්දික ලියනගේ  සහ උප සභාපති ආර්. සමරක්‌කොඩි  ඇතුළු එහි ක්‍රියාකාරීන් ගේ වෙළෙඳසල් මේ වන විට සීල් තබා ඇති බවත් වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රෙදිපිළි රට තුළට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරකට අනුව අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ ද මේ වැඩපිළිවෙළේ සැබෑ අරමුණ ඉදිරියේදී නැවත වතාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන වැට්‌ බදු පනතට වෙළෙඳුන්ගෙන් ඇති වන බලවත් විරෝධය වළක්‌වා ගැනීම සහ පසුගිය දිනවල සිදුකෙරුණු උද්ඝෝෂණවලට නායකත්වය දුන් ව්‍යාපාරිකයන්a බය කිරීම බව ද එම වෙළෙඳ නියෝජිතයන්ගේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරීන්ගේ කඩ මුද්‍ර තැබීම තුළින්ම මෙය පැහැදිලි වන බව ද වැට්‌ බද්දට එරෙහි උද්ඝෝෂණවලට නායකත්වය දුන් වෙළෙඳ නියෝජිතයන්ට අයත් තවත් වෙළෙඳසල් ඉදිරි දිනවල ශ්‍රී ලංකා රේගුව මගින් පරීක්‍ෂා කිරීමට යන බවද පැවසේ.

මෙය හුදෙක්ම ඉලක්ක සහගත රජය විසින් මෙහෙයවන පළිගැනීමක් වන බව බලු බැල්මටම පෙනේ. මෙය අප නොදන්නා යහපාලනය විය හැකිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5322279847985365451

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item