මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)
කොස්ලන්ද, මීරියබැද්ද නායයාම සිදු වී මේ වනවිට වසර 02ක් ගතවීමට ආසන්නවුවත් තවමත් නායයාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමට බලධාරීන් අපො...

https://www.sathhanda.com/2016/08/video_31.html
පසුගිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනිදා උදෑසන සිදුවූ නායයාමෙන් විශාල පිරිසක් අවතැන්වූ අතර ඔවුන් වෙනුවෙන් නිවාස 75ක් මේ වනවිට ඉදිකර අවසන්වුවද එම ජනතාව තවමත් රැඳී සිටින්නේ තාවකාලික කඳවුරුවලයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේ පසුගියදා අනපේක්ෂිත ලෙස සාලාව කඳවුරට සිදුවූ අනතුරත්, අරණායක නායයාමත් නිසා මීරියබැද්ද නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා යෙදවීමට තිබූ මුදල් වෙනතකට බෙදා හැරීමට සිදුවීම නිසා කඩිනමින් මුදල් යෙදවීමේ අපහසුතාවක් රජයට ඇති බවයි.
වීඩියෝව පහතින්.
Related