යතුරුපැදි නීත්‍යානූකූල නැත්නම් මාස 4ක සහන කාලයක්

නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෝටර් රථ ප්‍රවාහන ද...

නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබේ. පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි ‍බොහෝමයක් භාවිත කරනු ලබයි.

ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර, රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව රජය හඳුනාගෙන තිබේ.

ඒ අනුව, නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1682898873068412182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item