වැට්‌ පනතට එරෙහි ව්‍යාපාරිකයින් දඩයමට රේගුව යොදා ගැනීම හෙළා දකිනවා - රේගුව සුරැකීමේ සංවිධානයේ සමකැඳවුම්කරු

වැට්‌ පනතට විරෝධය දක්‌වමින් උද්ඝෝෂණය කළ වෙළඳ ව්‍යාපාරිකයන් දඩයම් කර එම ව්‍යාපාර මුද්‍ර තැබීමේ ක්‍රියාවලියට රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මු...

වැට්‌ පනතට විරෝධය දක්‌වමින් උද්ඝෝෂණය කළ වෙළඳ ව්‍යාපාරිකයන් දඩයම් කර එම ව්‍යාපාර මුද්‍ර තැබීමේ ක්‍රියාවලියට රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිති සංවිධානය සහ රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. ආර්. විඡේකෝන් දිවයින පුවත්පතට පවසා තිබේ.

වැට්‌ පනතට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටි ව්‍යාපාරිකයන් සතු සාප්පු රැසක්‌ මේ වන විට මුදල් ඇමැතිවරයාගේ නියෝගය මත රේගු නිලධාරීන් විසින් මුද්‍ර තබා ඇතැයි බව පවසන ඔහු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවේ නොමැති අවස්‌ථාවක වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කළ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු විසින් රේගු නිලධාරින් ලවා මෙසේ වෙළෙඳ ව්‍යාපාර කිහිපයක්‌ පසුගිය සතියේ මුද්‍ර තබා ඇතැයි ද විඡේකෝන් තව දුරටත් පවසනවා.

මෙවැනි දේශපාලන පළිගැනීම් සඳහා රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකින බව ද මේ බව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි කරන බව ද හෙතෙම කීය.

රේගු ආඥා පනත යටතේ වරදක්‌ සිදුකර නැති අවස්‌ථාවක මෙසේ මෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කරන්නේ වැට්‌ පනතට එරෙහිව ඔවුන් හඬ නැඟීම නිසා බව ද හෙතෙම කීවේය.

දේශපාලනිකව සිදු කරන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් නිසා ඉදිරියේදී රේගු නිලධාරීන්ට එරෙහිව එම ව්‍යාපාරිකයන් නීතිමය පියවර ගතහොත් එහි වගකීම මුදල් ඇමැතිවරයා සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් භාර ගත යුතු බව ද විඡේකෝන් කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9193356688302868103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item