අලුත් පක්ෂයේ රැළිය 08 වැනිදා රත්නපුරදී - නායකයා ගැන පවිත්‍රාගෙන් ඉඟියක් (VIDEO)

අරගලයට පන පොවන ඒකාබද්ධ විපක්ෂයේ නව ජනතා බලවේගය ලබන 08 වන දා රත්නපුරදී එළිදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි. ඊට...

අරගලයට පන පොවන ඒකාබද්ධ විපක්ෂයේ නව ජනතා බලවේගය ලබන 08 වන දා රත්නපුරදී එළිදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඊට සමගාමීව අරගලයට පණ පොවන නව ජනතා බලවේගයේ මංගල රැළිය රත්නපුරදී පවත්වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

අලුත් දේශපාලන පක්ෂයක් හදනවාද යන්න මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ “අලුත් පක්ෂය හැදෙන හැටි බලන්න 08 වෙනිදාට එන්න” යැයි ආරාධනාවක්ද කරමිනි.

අලුත් පක්ෂයක් හෝ සන්ධානයක් ජනතාව විසින් බිහිකරණු ඇති බවත් ඒ සඳහා නායකත්වය දීමට එඩිතර ප්‍රතාපවත් නායකයෙක් අප අතර සිටින බවත් ඇය ඉඟියක්ද පලකළාය.

මේ අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප් වැඩිවීම ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් ලබාදුන් විශාලතම අල්ලස එය බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1744223698841726772

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item