අද සිට ඖෂධ මිල අඩු කරනවා
ඖෂධ වර්ග 30 ක මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය අද (23) රටට හදුන්වා දෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි. විශ්ව ළමා දිනය කේන්ද්‍ර කර ගනිමින් රාජිත සේන...

https://www.sathhanda.com/2016/09/blog-post_287.html
ඖෂධ වර්ග 30 ක මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය අද (23) රටට හදුන්වා දෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි.
විශ්ව ළමා දිනය කේන්ද්‍ර කර ගනිමින් රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන ලද ර්‍ණස්ව ශක්ති මාතා” වැඩසටහන ඊයේ(22) පස්වරුෙවි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් ෙබිරුවල කාලවිල කන්ද ක‍්‍රීඩා පිටියේ දී පැවැත්විනි. පිය සෙනෙහස අහිමි වූ දරුවන් 150 කට පාසල් උපකරණ හා පෝෂණ මලු බෙදාදීම මෙහිදී සිදු කෙරෙිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
‘හෙට (23) සිකුරාදා දින මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ උදාර සංකල්පය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරිෙමි වැඩපිළිවෙල මම දියත් කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කර අඩු මිලට ඖෂධ ලබාදීෙමි වැඩපිළිවෙල සේනක බිබිලේ මහතා ආරම්භ කළේ මිීට වසර 43 කට පෙරයි. නමුත් එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට මෙතෙක් කිසිම කෙනෙකුට නොහැකි වුනා. වසර 43 කට පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියක් ස්ථාපිත කොට ඖෂධ මිල අඩු කිරීෙමි වැඩපිළිවෙල මම හෙට ආරම්භ කරනවා.
ශ‍්‍රී ලංකාවට ඖෂධ වර්ග 3000 ක් වාර්ෂිකව ආනයනය කරන අතර, එම සියළුම ඖෂධ විශ්ලේෂණය කිරීම අසීරුයි. සේනක බිබිලේ මහතාගේ ප‍්‍රතිපත්තියේ සදහන් වුයේ අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කළ යුතු බවයි. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ඖෂධ මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය හෙට දින ප‍්‍රකාශයට පත් කරනවා. එහිදි ඖෂධ වර්ග 30 කට වැඩි සංඛ්‍යාවක මිල අඩු කරන අතර, උසස් ගුණයෙන් යුත් ඖෂධ අඩු මිලට ජනතාවට ලබාගැනීෙමි හැකියාව හෙට සිට උදාවෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් ෙමි සදහා විශාල කැපවීමක් සිදු කළා. ජාතික ඖෂධ වානිජ මණ්ඩලයේ නිලධාරීන් සහ සුළු පරිමාණ ඖෂධ ආනයනය කරුවන්ගේ සංගමය සමග ද ෙමි පිළිබදව සාකචිඡුා කළා. ඉන් පසු මෙම අවසන් ක‍්‍රමෙවිදය සකස් කළ අතර, දෙවන අදියරේ දී එනම් තවත් මාස එකහමාරකින් වැඩි මිලට අලෙවි කරන ඖෂධවල මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය සකස් කර මම ජනතාවට හදුන්වා දෙනවා. ඉන් පසු එම ප‍්‍රතිලාභ ජනතාවට ලබානොදෙන ඔසුසැල් සොයා වැටලීම් සිදු කරන අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය සුදානමින් සිටිනවා. එවනි ඔසුසල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මම සුදානම්” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට රාජිත සේනාරන පදනෙමි සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
Related