ඔස්ට්‍රේලියාව 20-20 ජයත් තහවුරු කරයි

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන පන්දුවාර 20-20 තරඟයද ජය ගනිමින් එම තරඟාවලියද 2ට 0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව මීට ටික වේලාවකට පෙර සමත් ව...

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන පන්දුවාර 20-20 තරඟයද ජය ගනිමින් එම තරඟාවලියද 2ට 0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 17.5ක් අවසානයේදී සපුරාගැනීමත් සමගය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 62ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 22ක් ලබා ගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 10 සීමාවවත් ඉක්මවීමට නොහැකි විය.

ඒ අනූව පිළිතුරු ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වන ග්ලේන් මැක්ස්වෙල් හා ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල පන්දුවාර 8.3ක් තුළ ලකුණු 93ක සබඳතාවක් පිහිටුවීය.

මැක්ස්වෙල් පන්දු 29දී ලකුණු 66ක් ලබා දැවීයාමත් සමග තරගය සියතට ගත් ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය ඔස්ට්‍රේලියානු ඉනිමේ තවත් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වූයේ ප්‍රේමදාස පිටියට එක්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමිනි.

කෙසේ වුවද ට්‍රැවිස් හෙඩ් සචිත් පතිරණගේ පන්දුවකට එල්ල කළ පහරක් සචිත්‍ර සේනානායකගේ අතේ දැවටී හයේ සීමාව පසු නොකරන්නට මෙම තරඟය තවත් තියුණු වීමට ඉඩ තිබිණ

කෙසේ හෝ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරඟාවලිය පරාජයට පත්වුවද එක්දින හා 20-20 තරඟාවලිය ජය ගනිමින් අභිමානයෙන් යුතුව සිය රට බලා යාමට අවශ්‍ය පරිසරය ඔවුන් සකසා ගත් බවද කිව යුතුය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමස්ත තරඟ 497ට ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ෂාන් ද මෙම තරඟයත් සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

අද දිනයේදී ඔහුට පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකිව එක් ලකුණකට දැවී ගියද පන්දුවාර 2ක් යවා ලකුණු 8ට කඩුළු 2ක් දවා ගනිමින් සිය ප්‍රවීණතාවය ද මැනවින් ප්‍රදර්ශනය කළේය.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6676651485474972831

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item