කෑගල්ල අවතැන් වූවන් වෙනුවෙන් සහන සැලසීම කඩිනම් කිරීමට පියවර

කෑගල්ල දිස්ත‍්‍රික්කයට ඇතිවූ ආපදා තත්තවයන් හේතුවෙන් අවතැන්වූ පවුල් වෙනුවෙන් සහන සැලසීමේ කර්තව්‍ය මේ වනවිට ක‍්‍රියාත්මක තලයේ පවතින අතර මෙම...

කෑගල්ල දිස්ත‍්‍රික්කයට ඇතිවූ ආපදා තත්තවයන් හේතුවෙන් අවතැන්වූ පවුල් වෙනුවෙන් සහන සැලසීමේ කර්තව්‍ය මේ වනවිට ක‍්‍රියාත්මක තලයේ පවතින අතර මෙම කටයුතු වඩාත් සරල මෙන්ම කඩිනම්ව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, විදුලිබල හා පුනර්ජිනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ නිලධාරීන් වෙත උපදෙස් දෙනලදි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ කෑගල්ල දිස්ත‍්‍රික්කය් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ සඳහා දැනට අනුගමනය කරනු ලබන විධිවිධානයන්ට අමතරව වඩාත් සරල ක‍්‍රමවේදයන් රැසක් මෙහිදී අමාත්‍යවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී. 2016.09.06 දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි. ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දු තීරණ ගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3318198274746153725

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item