ජනාධිපතිගේ 90% දුම්කොළ බද්දට රවී පයින් ගසයි - දුම්කොළ සමාගම්වලට 20%ක බදු සහනයක් දෙන්න සාකච්චා

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බද්ද සියයට අනූවකින් ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එයින් ශ්‍රී ලංකා දුම්කොළ සමාගම (CTC) කඩා වැටීමේ අවදා...

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බද්ද සියයට අනූවකින් ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එයින් ශ්‍රී ලංකා දුම්කොළ සමාගම (CTC) කඩා වැටීමේ අවදානමෙන් මුදවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් අදාළ සමාගම වෙත 20% ක බදු සහනයක් ලබා දීම සඳහා යෝජනා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අදාළ බදු සහනය සමාගම වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීන්දු කර ඇතැයි පැවසේ.

ඒ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම සිදු කරන කෘෂි කටයුතු සඳහා 10%ක් සහ ප්‍රජා සත්කාරක කටයුතු සඳහා 10% ක් වන ලෙසිනි.

කෙසේ වුවත් මෙම යෝජනාව තවමත් ආණ්ඩුව තුළ නිල වශයෙන් සාකච්ඡාවට යොමු කර නොමැති අතර මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ දුම්වැටි මිලට මෙම බදු සහනය බල නොපාන බැවින් ජනාධිපතිවරයා මෙන්ම අදාළ සමාගම ද අවදානමට වැටීමේ තත්ත්වය මේ හරහා අවම වන බවයි.

මේ නිසා අදාළ බදු වැඩි කිරීමට විරෝධය පළ කළ දෙපාර්ශ්වයේම අපේක්ෂා මේ හරහා ඉටුකර ගැනීමට හැකි වේ.

දුම්වැටි මත 90%ක බද්දක් සහ 15% ක වැට් බද්දක් පනවා දුම් පානය කරන්නන් අධෛර්යමත් කිරීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ගෙන ආ නමුත් ඊට මුදල් අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුවේම පිරිසකගේ විරෝධය පළ වූ බැවින් එය ක්‍රියාත්මක වූයේ නැත.

පසුව එය ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර යෝජනාව පිළිබඳ නැවත සලකා බැලීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කෙරුණේ එම අර්බුදය විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි.

එම කැබිනට් අනුකාරක සභාවේ තීරණය වූයේ යෝජිත නව බදු මුදල පැනවීම අහිතකර බවය.

ඒ අනුව නැවතත් දුම්වැටි බදු මුදල් පදනම් කරගෙන ආණ්ඩුව තුළ නැවතත් ආතතිසහගත තත්ත්වයක් මතු වෙමින් ඇත.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ආතතිසහගත තත්ත්වයෙන් ආණ්ඩුව මුදවා ගැනීමට ද තම යෝජනාවට හැකි බවය.

මේ අතර , රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන බදු ඉහළ දැමීම හේතුවෙන් සිගරැට්‌ටුවක මිල රුපියල් 11 කින් පමණ ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සිගරැට්‌ටුවක්‌ සඳහා 15% වැට්‌ බද්ද සහ තවත් රුපියල් පහක්‌ අය කෙරෙනු ඇතැයි ද පැවසේ.

ඒ අනුව දැනට රුපියල් 35 ක්‌ වන වෙළෙඳ පොළේ පවතින සිගරැට්‌ටුවක මිල රුපියල් 46 දක්‌වා ඉහළ යනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

රජය විසින් ගෙන ඒමට නියමිත දුම්කොළ බද්ද ද මෙම මිල වැඩිවීම කෙරෙහි බලපාන අතර ඊට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ලබන සතියේ දී කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7073301512539770628

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item