ඇඹිලිපිටිය ASPට නොතීසි

පසුගිය ජනවාරි මස 04වන දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදු වූ ගැටුමක් අතරතුර සිදුවූ සුමිත් ප්‍රසන්න නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ඇඹ...

පසුගිය ජනවාරි මස 04වන දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදු වූ ගැටුමක් අතරතුර සිදුවූ සුමිත් ප්‍රසන්න නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලීසියේ පිරිසට එරෙහිව නීතීමය පියවර ගන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා කාන්තාවක් ඇතුළු 04 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොතීසි යළි සහකාර පොලිස් අධිකාරීවරයාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම ප්‍රියසාද් ඩෙප්  සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම සිද්ධියෙන් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ වන ශෂිකා නිෂාමනී මුණසිංහ මහත්මිය, සිද්ධිය සිදුවූ ගොඩනැගිල්ලේ අයිතිකරු වන දේවගේ පද්මසිරි මෙන්ඩිස්  යන මහත්ම මහත්මීන් ඇතුළු 04 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී. ධර්මරත්න  ඇතුළු පිරිසක් නම් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2963165634221479091

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item