විශේෂ අධිකරණයක් තුළ දූෂණ නඩු විභාග කළ යුතුයි - සරත් වීජේසූරිය

විශේෂ අධිකරණයක් හරහා දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි. තමන් මේ...

විශේෂ අධිකරණයක් හරහා දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

තමන් මේ පිළිබඳව යළිත් වරක් ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් වීජේසූරිය සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් වීජේසූරිය සඳහන් කළේ විගණන පනත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5874228807859286650

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item