'එට්‌කා' විරෝධය නිසා වෛද්‍යවරුන්ට ගැටලු ඇතිකිරීම හෙළා දකිනවා - තොරතුරු තාක්‍ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය

එට්‌කා ගිවිසුම ඉදිරියට ගෙන ඒම සඳහා වෛද්‍යවරුන්ට ගැටලු ඇති කිරීම හෙළා දකින බව තොරතුරු තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි.  එම සංගමයේ ...

එට්‌කා ගිවිසුම ඉදිරියට ගෙන ඒම සඳහා වෛද්‍යවරුන්ට ගැටලු ඇති කිරීම හෙළා දකින බව තොරතුරු තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි. 

එම සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

රජය විසින් ස්‌ථාන මාරුවීම් ලැබෙන වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසලක්‌ ලබාදීමේදී මෙතෙක්‌ අනුගමනය කළ පිළිවෙත හදිසියේම වෙනස්‌ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම හදිසි පියවර හුදෙක්‌ හුදෙකලා පියවරක්‌ නොවන බව අපගේ වැටහීමයි.

රජය විසින් එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන්නේ නිසි ක්‍රමවේදය අනුගමනය නොකොට නිසි අධ්‍යනයකින් තොරව, ඊට අවැසි නීතිමය ප්‍රතිපාදන රට තුළ සකස්‌ නොකොට, ජාත්‍යන්තර වෙළෙ¹ම් පිළිබඳව නිසි ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ නොකොට, ඉන්දියාව සමග සේවා ගිවිසුමකින් රටට ඇතිවන හිතකර සහ අහිතකර බලපෑම පිළිබඳ සංවාදයක්‌ රට තුළ ඇති නොකොට, මෙම ගිවිසුම සම්බන්ධ සියලු කටයුතු කාටත් හොරා කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුකරමින් හුදු ඉන්දීය බලපෑම පමණක්‌ සැළකිල්ලට ගනිමිනි. ඒ සඳහා රජයට ඇති ප්‍රධාන අභියෝගයකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

රජය මෙවේලේ මෙම සංවේදී ගැටලුව වෛද්‍යවරුන්ට ඇති කරන්නේ වෛද්‍යවරුන්ගෙන් පළිගැනීමට පමණක්‌ම නොවේ. මෙමගින් රජයේ උපාය වී ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වෙත වඩාත් ස්‌වීය වූ ගැටලුවක්‌ ඇතිකර ඔවුන් ඒ ගැටලුව වටා ගොනුකර තැබීමයි. ඒ මගින් ඔවුන්ට එට්‌කා ගිවිසුමට ඇති ප්‍රතිවිරෝධය අවම කර ගත හැකි බවට ගණන් බලන අතර මෙම ගැටලුවම භාවිත කරමින් රජයේ වෛද්‍යවරුන් වෙත ජනතා අප්‍රසාදයක්‌ ඇති කිරීමටද රජය උත්සාහ දරනු ඇත. ඒ අතරම ඉන්දියාවේ වෙළෙඳ ඇමැතිනි නිර්මලා සීතාරමන් මහත්මිය එට්‌කා ගිවිසුම ගැන තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වීම සඳහා මේ මස මෙරටට පැමිණෙනවා ඇත.

මෙවැනි දුෂ්ට උපක්‍රම අවැසි වනුයේ එට්‌කා ගිවිසුම දුෂ්ට ගිවිසුමක්‌ වන නිසා බව මෙරට ජනතාව තේරුම් ගෙන ඇත. මෙවැනි පහත් පෙලේ උපක්‍රමයන් යහපාලනය නමැති උදාර සංකල්පයට ඉඳුරාම පටහැනි බව කිවමනා නොවේ. මෙවේලේ සියලුම වෘත්තිකයන් ප්‍රමුඛ පොදු ජනතාව විසින් මෙම ල-ජාසහගත ක්‍රියාව හෙළාදකිමින් එවැනි බාල ක්‍රමවේදයන්ගෙන් ඉවත් වීමට බලපෑම් කිරීම යහපාලනයක්‌ අපේක්‍ෂා කරන සියලු දෙනාගේ වගකීමක්‌ බව අවධාරණය කරන්නට අපි කැමැත්තෙමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2593581017758455407

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item