වහනය සම්බන්දව රාජිතගේ චෝදනාව බොරු - නාමල් පිළිතුරු දෙයි

පොලිස් මූල්‍ය අපරාධ ඒකකය භාරයට ගත් මෝටර් රථය තමා මිලදී ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන තීරුබදු සහිත බලපත්‍රය යටතේ බවත්, එය ගෙන්වූය...

පොලිස් මූල්‍ය අපරාධ ඒකකය භාරයට ගත් මෝටර් රථය තමා මිලදී ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන තීරුබදු සහිත බලපත්‍රය යටතේ බවත්, එය ගෙන්වූයේ ඩොලර් 50,000ට වඩා අඩු අගයකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජජපක්ෂ පැවසීය.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (07දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. අමාත්‍යවරයා පැවැසුමේ එම මෝටර් රථය මන්ත්‍රීවරුන්ට හිමිවන තිරු බදු නිදහස් බලපත්‍රය යටතේ ගෙන්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ සඳහා පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවැසුවේ රාජිත අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බවත්, තමාට එරෙහිව කරනුලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

"මේක මම වගකීමකින් කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු බලපත්‍රයකින් මම මේ වාහනය ගෙන්වූයේ. ඩොලර් 50,000ට අඩු වටිනාකමක් තමයි මේ වාහනයට තියෙන්නේ. ඒ නිසා මේක නීත්‍යනුකූල නොවන මාර්ගයකින් ගෙන්වපු වාහනයක්වත්, තීරු බදු බලපත්‍රයේ තියෙන කොන්දේසි කඩලා ගෙනාපු වාහනයක්වත් නෙමෙයි. මේ වාහනය මම අවුරුදු හයක් භාවිත කළා. ඒ ගැන කිසිම කෙනෙක් කතා කළේ නෑ.

මට නැති ලැම්බොගිනියක් ගැන කතා කළා. මට නැති හෙලිකොප්ටරයක් ගැන කතා කළා. අපට නැති රත්තරන් අශ්වයෝ ගැන කතාකළා. හැබැයි මන්ත්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු බලපත්‍රයෙන්, පර්ලිමේන්තු බැංකු ශාඛාවකින් ලබාගත් ණයකින් අරගෙන, මගේ වත්කම් බැරකම් ප්‍රකාශයට දාපු මේ වාහනය ගැන කවුරුවත් කතා කළේ නෑ.

අද කියන්න දෙයක් නැතිව බොරු ගොතනවා. මේකත් අපට එරෙහිව ගෙනයන මාධ්‍ය සංදර්ශනයේම කොටසක්. අනිත් කරුණ තමයි රාජිත ඇමතිතුමා කරන කතාවල කිසිම පදනමක් නෑ. එතුමා අද එකක් කියනවා, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන ගයන්ත ඇමතිතුමා ඇවිත් ඒක වැරදියි කියලා වෙන එකක් කියනවා. මේ යන විදිහට කිසිම මන්ත්‍රීවරයෙකුට පර්මිට් එකකට වාහනයක් ගන්න බැරිවෙනවා. මම විතරක් නෙවෙයි මෙයින් රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, මන්ත්‍රීවරුන් පවා ගැටලුවකට ලක්වෙනවා. මේ චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. " යනුවෙන් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3932221728029745386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item