දුල් හජ් හෙවත් හජ්ජි මාසය ඇරඹෙයි

ඊයේ(02) නව සඳ දිස්වීමෙන් අනතුරුව හජ්ජි මාසය ආරම්භ කිරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය පවසයි. ඉස්ලාමික් දින දින දර්ශනයට අනුව අවසන් මාසය වන...

ඊයේ(02) නව සඳ දිස්වීමෙන් අනතුරුව හජ්ජි මාසය ආරම්භ කිරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය පවසයි. ඉස්ලාමික් දින දින දර්ශනයට අනුව අවසන් මාසය වන දුල් හජ් මාසය ලෙස හදුන් වයි.

ඒ අනුව ඊදුල් අල්හා හජ්ජි උත්සවය එළඹෙන සැප්තැම්බර් 12 වනදා සැමරීමට තීරණය කර ඇති බව කොළඹ මහ පල්ලිය පවසයි.

වාර්ෂික හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 2240 දෙනෙකු සඳහා මෙවර අවස්ථාව හිමිවන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා පවසයි.

එම ප්‍රමාණය ඉහළ නංවාගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ත වූ බව හෙතෙම පැවසුවේය.

හජ් වන්දනා කටයුතු සඳහා වැය වන මුදලද පහල දැමීමට තමන්ට හැකි වූ බව මොහොමඩ් හලීම් අමාත්‍යවරයා කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2703400282967749156

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item