පුජිතගේ සුපිරි සාදය ඉහල අවධානයට

ශ්‍රී ලංකා පොලිසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි හයකට ආසන්න වියදමක් දැරීමට සකස...

ශ්‍රී ලංකා පොලිසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි හයකට ආසන්න වියදමක් දැරීමට සකසා තිබූ වියදම් ඇස්තමේන්තුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ නියෝගමත ඉවත්කර ඇතැයි වාර්තා වේ.

සාගල රත්නායක පොලිස් කේෂත්‍ර බලකා මූලස්ථානයේ පැවැති පොලිස් සංවත්සර උත්සවයේ පෙර පුහුණුවක් නැරඹීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමන්ට පාවහන් ඇතුළු මූලික අවශ්‍යතාවන් නැතැයි පෙන්වාදීමෙන් පසුව අදාළ උත්සවයේ අනවශ්‍ය ලෙස ඇති සියලු වියදම් කපා හැරීමට නියෝගකර ඇත.

මේ ඇස්තමේන්තුව සකස්කර තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පූර්ණ අධීක්ෂණය යටතේ බවද පැවසේ.

එම ඇස්තමේන්තුවට අනුව රුපියල් ලක්ෂ 92ක් වැයකර සමරු පොතක්ද මුද්‍රණය කිරීමට සැලැසුම් කර තිබිණි.

එයද මුද්‍රණය අත්හිටවීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

රුපියල් ලක්ෂ 50ක් වැයකර ප්‍රභූන් වෙනුවෙන් තරු හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ සාදයේ කෙටි කෑම ඇනවුමද අත්හිටවීමට නියෝගකර ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1381389375973812083

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item