ප්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි. කමල් ගුණරත්නට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉලනවා

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිපරිය යටතේ පැ...

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිපරිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක්‍රි ාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7382340613539563076

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item