දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපය...

http://www.sathhanda.com/2016/09/blog-post_528.html

ඔහු මේ බව පැවසූයේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13) කොළඹදී එක්වෙමිනි.
එහිදී මහාචාර්යවරයා මෙසේද පැවසීය.
“දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද? ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. දැන් මේ කතා කරන මම ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.
ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා. එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.” යැයි සරත් විජේසූරිය පැවසීය.
Related