මෛත්‍රී ගෝඨා හමුවේ ඇත්ත කතාව සහ මීළඟ ජනාධිපතිවරණය - උදය ගම්මන්පිලගේ හෙළිදරව්ව

ඊයේ (06 දින) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල දීර්ග ලෙස කරුණු දක්වමින් වර්තමාන දේශපාලන තත...

ඊයේ (06 දින) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල දීර්ග ලෙස කරුණු දක්වමින් වර්තමාන දේශපාලන තත්වයන් පිළිබඳව කරුණු දක්වන ලදී. එහි සම්පුර්ණ ආවරණය පහතතින් දැක්වේ.

මීළඟ ජනපතිවරණය කවදාද?

පසුගිය 12 වෙනිදා මාතර පැවති රැළියක් අමතමින් අතිගරු ජනපතිතුමන් කියනවා කවුරු කොහොම කිව්වත් කැමති උනත් අකමැති උනත් මේ ආණ්ඩුව තව වසර පහක් පවතිනවා කියලා. හැබැයි ජනපතිතුමනි රටේ ආණ්ඩු බලය පෙරලණ මීලග මැතිවරණයට නැතිනම් ජනපතිවරණයට තව ඇත්තේ හරියටම වසර 3 යි.

එනම්, විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරන්නේ නම් ජනාධිපතිවරණය කලින් නොපවත්වන්නේ නම් 2019.09.07 සිට 2019.10.26 දක්වා දිනයක දී ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුය.

පහත සටහනින් එය පැහැදිළි කෙරේ
ආව - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව    ජප - ජනාධිපතිවරණ පනත
සිදුවීම
විධිවිධානය
ආසන්නතම දිනය
ප්‍රමාදම දිනය
වත්මන් ජනාධිපතිගේ ධූර කාලය ඇරඹීම

2015.01.09
2015.01.09
වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීම
ආව 30(2) වගන්තිය
2020.01.09
2020.01.09
මැතිවරණය පැවැත්වීම
ආව 31(3) වගන්තිය
2019.11.09
2019.12.09
නාමයෝජනා භාර දීම
ජප 2(1)(ආ) වගන්තිය
2019.09.28
2019.11.11
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම
ජප 2(1)(අ) වගන්තිය
2019.09.07
2019.10.26

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය

ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුල පැවැත්විය යුත්තේය.

ජනාධිපතිවරණ පනත 2(1) වගන්තිය

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය වන අවස්ථාවක දී මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන නියමයක් මගින්

(අ) එකී නියමය ප්‍රසිද්ධ දින සිට දින දහසයකට නොඅඩු දින විසි එකකට නොවැඩි දිනයක් අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස නියම කිරීම.

(ආ) නාමයෝජනා දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොඅඩු දිනයක් ජනාධිපතිවරණ දිනයක් ජනාධිපතිවරණ දිනය ලෙස නියම කිරීම කළ යුතුය.



ජනපති ධූරය අහෝසි කලොත් නැතිනම් එතුමන් බලයට පත්වී වසර හතරකට පසුව නියමිත කාලයට කළින් එතුමන් ජනපතිවරණය පැවැත්තුවොත් හැර ව්‍යවස්ථාව අනුව නම් ඊලග ජනපතිවරණය 2019.09.07 හා 2019.10.26 අතර පැවැත්විය යුතුයි.

එය එසේනම් කවුරු කැමති උනත් අකමැති උනත් මේ ආණ්ඩුව තව වසර පහක් පවතිනවා කියලා ජනපතිතුමන් කියන එකේ අර්ථය මොකක්ද? අපි දන්නවා මැතිවරණ කොමිසම මේ ආණ්ඩුවට පුංචි ඡන්දය වසර දෙකකින් කල්දමා දී අවසන්. පුංචි ඡන්දයට කලා වගේ ජනපතිවරණයත් නීති විරෝධීව ව්‍යවස්ථා විරෝධීව වසර දෙකකින් කල් දැමීමට ද මේ සූදානම් වන්නේ කියන සැකය අපිට මතුවෙනවා. පුංචි ඡන්දය පුංචි වැඩක් හින්දා එය කල් දමන විට අපි අධිකරණයට යෑම පමණයි කලේ. හැබැයි ජනපතිවරණයත් එසේ කල් දැමීමේ උපායක ආණ්ඩුව ඉන්නව නම් එදා පා ගමනට පැමිණි අතිවිශාල ජනතාවටත් වඩා වැඩි ජනතාවක් එක්ක අපි මහපාරට ඇවිත් ජනතාවට ඇති ආණ්ඩු වෙනස් කිරීමේ අයිතිය වෙනුවෙන්, මවුබිම සුරකීමට ඇති අයිතිය වෙනුවෙන් අපි වීදි බසිනවා කියන එක අපි මතක් කරනවා.

එස් බී ගේ සෙනඟ ඉසුරු ගේ බස්වලින් කුරුණෑගල ගිය හැටි

දැන් ලංකාවේ අලුත්ම ක්‍රීඩාව තමයි රැළියක් ඉවර වුණාම සෙනඟ පිළිබඳ ගණන් හැදීම. අපි ගණන් හදන්න ඕනේ නෑ. ආණ්ඩුවේ ගාණක් පිළිබඳ මං පුංචි ගාණක් හදලා පෙන්නන්නයි යන්නේ. අපි දැක්කා කුරුණෑගල රැලියට බස් ඇත සෙනග නැත. දස දහසක් විතර සෙනඟක් හිටියා. මම ගණන් හදලා ඊයේ රුපවාහිනි වැඩසටහනකදී පෙන්නුවා. ඒ මොනවා වුණත් එස් බී දිසානායක මැතිතුමාට අනුව නම් ලක්ෂ 05ක සෙනඟක් ඇවිත් ලංකා ඉතිහාසයේ විශාලම ජන රැළිය පැවැත්තුවා. බස්නාහිර මහ ඇමතිතුමාට අනුව බස් 2800ක සෙනඟ ගියා. සරල ගණිතය අනුව ලක්ෂ පහ 2800න් බෙදුව විට එක බස් එකක ගිහින් තියෙනවා 179 ක්. සමාන්‍යෙන් බස් එකක වාඩිවේලා යන්න පුළුවන් 50ක් 60ක් තව 15ක් විතර හිටගෙන යන්නත් පුළුවන්. 179ක් යන්න නම් වහලේ උඩත් පටවලා හැම ජනේලේකම 05ක් 10ක් එල්ලීලා යන්න වෙනවා. එහෙම බස් යනවා නම් මං දැක්කේ නෑ. මම විපක්ෂයේ ඉන්න නිසා පාක්ෂික දුෂ්ටි දෝෂයක් තියෙනවා ද දන්නේ නෑ, අර ආවාසියා දුෂ්ටියාබාධා වගේ. අපි රටේ ජනතාවගෙන් අහන්නේ එහෙම බස් 2800ක් තියා සෙනඟ පිරී ඉතිරී ගොස් දොර ජනෙල්වලත් සෙනඟ එල්ලුනු එක බස් එකක්වත් දැක්කා ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ආණ්ඩුව එකට කතා වෙලා එක බොරුවක් කියන්නේ නැතුව ඒ අයගේ විසංවාදයෙන්ම රැස්වීමේ සෙනඟ ගැන ආණ්ඩුව කියන්නේ බොරුය කියලා සනාත කරලා තියෙනවා.

ඟඟ ගලතත් ඟඟ ගලනා හැඩක් ඇත

බොරුකියතත් බොරු කියනා හැඩක් ඇත

ඒස් බී ඇමති ඒ බව නම් දන්නේ නැත

බොරු කියලා දැන් වැඩ වැරදීලා ඇත


කියා මම එස් බී ඇමිතිතුමන්ට මතක්කර දෙනවා.

මෛත්‍රී - ගෝඨාභය හමුවේ ඇත්ත කතාව

මා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නිසා එතුමන් සම්බන්ධයෙන් එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පලවූ අපහාසාත්මක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්විය යුතුයි. එම පුවතින් කියවුනේ පසුගිය ජූලි මාසයේ 31 වැනි දා ගෝධාභය රාජපක්ෂ මැතිතුමන් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවයි. එතැනදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කල යෝජනාවලට ජනපතිතුමන් සාවධානව අසා සිටියා මිස එතුමන් කල යෝජනා වලට එකගත්වයක් වත් එතුමන්ට පක්ෂයේ තනතුරක් දීමට එකගත්වයක් වත් පලකලේ නෑ කියන බවත් එම පුවතින් කියවුනා.

ජූලි මාසයේ 31 වැනි දා ජනපතිතුමන් ලංකාවේ හිටියත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ. එතුමන් සැප්තැම්බර් 02 දින තමයි ලංකාවට පැමිණියේ. මෙවැනි පුවතක් පල කිරීමේ අරමුණ කුමක්ද ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගැන මේ සමාජයේ විශාල පිලිගැනීමක් හා ගෞරවයක් තියෙනවා දේශප්‍රේමියෙක් විදිහට. ඒ වගේම විශාල කීර්තියක් තියෙනවා මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ වැනි රට පිළිබද දැක්මක් ඇති නායකයෙකු විදිහට.

මේ ඉංග්‍රීසි පුවත්පත දැන හෝ නොදැන කවුරුන් විසින් හෝ සැලසුම් සහගතව දුන් ලණුවක් කාල තියෙන්නේ ආණ්ඩුවත් සමග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඩීල් එකක ඉන්නවාය කියන එක රටට පෙන්වීමට උත්සහ දරන එකයි. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු විරෝධී සටනක හිටියත් ගෝඨාභය මැතිතුමන් නම් ඉන්නේ ජනපතිතුමන්ගෙන් තනතුරු ගැනීමේ සූදානමක වැනි චිත්‍රයක් මවා පෙන්වලා ඒකාබද්ධ විපක්ෂයේ සටන් කාමීත්වය මොට කරල එතුමන් පිළිබදව සමාජය තුල ඇති ගෞරවය කීර්තිය පලුදු කිරීමේ උත්සහයකුයි මේ දරන්නේ.

ඒ නිසා මා ඉතාම වගකීමෙන් කියනවා ජූලි මාසයේ 31 වෙනිදා ගෝඨාභය මැතිතුමන් ලංකාවේ හිටියේ නැහැ. ඒ විතරක් නොවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් සිදුවී නැහැ.

මෙවැනි අසත්‍ය පදනම් විරහිත පුවත් හරහා එම පුවත්පතේ කීර්තිනාමයට විනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ කීර්ති නාමයට හානියක් සිදු නොවන බව ප්‍රකාශ කල යුතුයි.

ගල්ලෙන බින්දේ චම්පිකද උදයද ?

දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු නිරන්තරයෙන් කියන කරණාවක් තමයි ගල් ලෙන බින්දා ලෙන් දොර ඇරියා කියලා මම විපක්ෂයට ගිහින් ආපහු අවා කියලා. නිරන්තරයෙන්ම චන්දිම වීරක්කොඩි ඩිලාන් පෙරේරා, මහින්ද අමරවීර, පී හැරිසන්, ලක්ෂ්මන් කිරි ඇල්ල ඇමතිතුමන්ලා ප්‍රකාශ කරන කතාවක්. මිට මාසයකට කලින් රුපවාහීනි සංවාදයකදී මේ කාරණය චන්දිම විරක්කොඩි ඇමතිතුමා ප්‍රකාශ කලාම මම කිව්වා මේක බොරුවක් මම කවදාවත්ම එවැනි ප්‍රකාශයක් කළේ නෑ. එවැනි ප්‍රකාශයක් මම කලා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා කියලා. ඔප්පු කර ගන්න බැරි වුණොත් බොරු කීම ගැන සමාව අරගෙන ඔබ දේශපාලනෙන් සමුගත යුතුයි කියලා.


එතුමා ඒ අභියෝගය බාර ගත්තා හිරු TV බලය වැඩ සටහනකදී. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ දී හම්බ වුණාම කියනවා ‍්හරි වැඩේනේ ඔබතුමා නෙවෙයි ඒක කියලා තියෙන්නේ චම්පික ඇමතිතුමානේ කියලා. මං කිව්වා ඕක අමතක කරලා දාමු, මට ඕක පස්සේ යන්න ඕනේ නෑ කියලා. එහෙම කියපු චන්දිම ඇමතිතුමා රුපවාහිනි වැඩසටහනකදී ආපහු කියනවා ගල් ලෙන බින්දා ලෙන් දොර ඇරලා ගිය උදය ගම්මන්පිල කියලා. මේක දැන් කියලා මගේ නම කියන්න කලින් ඒ පදපෙළ කියලා මගේ නමේ කොටසක් බවට පත්වෙලා. චන්දිම විරක්කොඩි ඇමතිතුමනි මම එවැනි ප්‍රකාශයක් කල බවට ඔප්පු කරන්න නැතිනම් නම්බු පිටින් ඇමතිකමෙන් අස්වෙලා ගෙදර යන්න. දැනටමත් ඔබ වැනි කෙනෙකු පාර්ලිමේන්තු ඒවීම පිළිබඳ දැනටමත් ලැජ්ජාවෙන් පසුවන ගාලු ජනතාවට ලැබෙන පළමු අවස්ථාවෙන්ම ඔබතුමාව ගෙදර යවනවා ඇතැයි කියන අනතුරු ඇගවීම අභියෝගය එතුමාට කරනවා. මට එතුමා එක්ක පෞද්ගලික තරහක් නෑ. මම ඒක අමතක කරලා දාලා හිටියේ. නමුත් මම නෙවෙයි කියලා දැන දැන ප්‍රකාශ කරනවා කියන්නේ හිතාමතාම රටේ ජනතාව රවට්ටන්න මහජන නියෝජිතයකුට විශේෂයෙන් ආමාත්‍යවරයෙක්ට ඉඩ දෙන්න බෑ.

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ජත්‍යන්තර ඒජන්තයා කවුද ?

බැන්කි මූන් මහත්තයා ලංකාවට ඇවිත් කියනවා 2015 ජනවාරි 08 ඇතිවුණු වෙනස හරි ෂොක් ඔහොම යන් ඔය පාරේ . ප්‍රගතිය ගැන මට සතුටුයි.

මම පුංචි කාලේ විභාගේ ඉවර වුණාම මගේ ප්‍රගති වාර්තාව බලලා අපේ තාත්තා කියනවා මට හරි සතුටුයි. පන්තියේ පළවෙනියා නේද. ප්‍රගතිය ගැන මට හරි සතුටුයි. සිරිසේනගේ ප්‍රගතියට සතුටු වෙන්න මූන් කියන්නේ සිරිසේනගේ අප්පච්චිද කියලා අපිට සැකයක් මතු වෙනවා.

සිරිසේන මහත්තයා අද කරන්නේ මූන්ගේ න්‍යාය පත්‍රය. අද කරගෙන යන්නේ මූන් ගේ වැඩ පිළිවෙල. මූන් ගිය ගමන් සිරිසේන මහත්තයා මාධ්‍ය ප්‍රධානින් කැදවලා කියනවා,මූන් මහත්තයාට මම කිව්වා ලංකාවේ හරියට අන්තවාදීන් ඉන්නවා. ඒ අපිට කියන්නේ. අන්තවාදීන්ගෙන් මට හරිම කරදරයි. ඒක නිසා තමුන්නාසේලා කියන වේගයෙන් මේ වෙනස කරගෙන යන්න බෑ. ඒක නිසා මම වෙනස හෙමිහිට කර ගෙන යන්නේ. මට ඒකට තව කාලය ඕනේ. මේකෙන් පෙන්නේ මූන් මහත්තයා භාර දුන්න වැඩේ හරියට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ නිසා නහයෙන් අඩනවා මට තව ටිකක් කාලය දෙනු මැනවි කියලා.

මොකක්ද මේ මුන් මහත්තයා භාර දුන්න සිරිසේන මහත්තයා හෙමිට කර ගෙන යන වැඩේ? ඒක දැන ගන්න අපිට පොඩි ඉගියක් හම්බවුනා. මූන් මහත්තයා එනවා කිව්ව ගමන් පාර්ලිමේන්තුවේ අපි කළු පටි බැදලා සභා ගැබට පැනලා විරෝධතාව පල කරද්දි අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත කියලා රණවිරුවන් දං ගෙඩියට ගෙන යන පනතක් පාර්ලීමේන්තුවේ දී සම්මත කර ගත්තා.

මූන් එනවා කිව්ව ගමන් මංගල සමරවීර මැතිතුමා යාපනයේ ගිහින් කියනවා, ෆෙඩරල් ව්‍යවස්ථාව නොවැම්බර් වෙනකොට පාර්ලීමේන්තුවට ගෙන එනවා කියලා. ජනාධිපතිවරණයට එන්න කලින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ජනවරමක් ඉල්ලුවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ද අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා, අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් පිහිටුවනවා කියලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුලු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු දානවා කියලා, රණවිරුවන් යුධ අපරාධ අධිකරණයට ගෙනි යනවා කියලා, නෑ. අද සිරිසේන මහත්තයා ඇයි මේවා කඩි මුඩියේ කරන්නේ? අපිට දුන්න පොරොන්දු පත්‍රයේ ඒවා නොතිබුණාට සුද්දට, බෙදුම්වාදීන්ට දුන්න පොරොන්දු පත්‍ර ඒවා තියෙනවා. ඒක නිසා තමයි මූන් මහත්තයා සැරින් සැරේ ඇවිත් ප්‍රගති වාර්තාව ඉල්ලන්නේ. ඇමරිකාවේ බිස්වාල් නෝනා ලෝකයේ කොහේ ගියත් ලංකාවට ඇවිත් යන්නේ සිරිසේන ගොයියෝ කෝ ප්‍රගතිය කියලා අහන්නේ ඒ නිසා. අද අපේ ජනතාවගේ ජනවරමට පිටින් යමින් සුද්දගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා.

මූන් මහත්තයා යාපනේ ගිහින් ඇවිත් කියනවා වහාම උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කර ගත යුතුය. එතකොට සිරිසේන ජනාධිපතිතුමා කියනවා යර්ස් සර් මට මාස තුනක් කල් දෙන්න බුදු සර් කරන්නම් කියලා. උතුර කියන්නේ ලංකාවේම කෙටසක්.ඒක්සත් ජාතින් තීරණය කරන්නේ කොහොම ද අපේ හමුදා කඳවුරු තියෙන්න ඕන තැන්. ඇමරිකාවේ හමුදාව ඇමරිකාවේ විතරක් නෙවෙයි මුන් මහත්තයාගේ රටේ දකුණු කොරියාවෙත් කඳවුරු දාගෙන ඉන්නවා. ජපානයේ , පිලිපීනයේ කදවුරු දාගෙන ඉන්නවා. මූන් මහත්තයාට කොන්ද පණ තිබුණද ඇමරිකාවට ගිහිල්ලා කියන්න දකුණු කොරියාවෙන් හමුදා කඳවුරු ඉවත් කර ගෙන තමුසෙගෙ රටේ දාගන්නවා කියන්න. නෑ. අපිට විතරයි එහෙම පාට් දාන්නේ. මොකද එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ හැටියට මහ ලේකම්ට බලයක් නෑ හමුදා කඳවුරු ගැන කතා කරන්න. දැන් ජනාධිපතිතුමා දෙකට තුනට නැවිලා යර්ස් සර් කියලා භාර ගෙන මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා බලන්න දෙයියනේ දෙමළ ජනතාව අහිංසක ජනතාව ඒ අයගේ ඉඩම් නේද අරන් තියෙන්නේ අපි ඒවා අපහු දෙන්න අවශ්‍යයි නේද ?මූන් කිව්වත් නැතත් අපි දෙනවා කියලා.

ජනාධිපතිතුමාට අමතක වුණා ජාතික ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත්.හමුදා කඳවුරු තියෙන්න ඕන තැන තිරණය කරන්නේ ජනාධිපති සිරිසේන නෙවෙයි හමුදා නිලධාරින්. ආරක්ෂාවට වඩාත් සුදුසු තැන තීරණය කරන්න දකුණේ ඉන්න දේශපාලකයන්ට, උතුරේ ඉන්න අන්තවාදීන්ට බෑ. ඒක කරන්නේ හමුදාවේ නායකයින්. හමුදාවට ඉඩම ඕනේ නම් ඉඩම් දෙන්න ඕනේ. ඒකට විකල්ප ඉඩමක් සොයා ගන්න ජනතාව ලැස්තිවෙන්න ඕනේ. මහවැලි ව්‍යාපෘතිය පටන් ගත්තාම මහා ඉඩම් ප්‍රමාණයක් මහවැලි ව්‍යාපෘතියට යට වුණා. දුටු ගැමුණු රජතුමාගේ කාලේ ආරම්භ කරපු ඓතිහාසික රජමහා විහාර කොත්මලේ ජලාශයට යට වුණා. අක්කර දස දහස් ගණන් හිටිය ජනතාවට උන් හිටි තැන් නැති වුණා. ඒ අය ආපහු පදිංචි කළේ කොත්මලේ නෙවෙයි කිලෝමීටර සිය ගණනක් ඈතින් තියෙන ගිරාදුරු කෝට්ටේ, දෙහිඅත්තකංඩිය අපේ ජනතාව ගියේ නැද්ද රටේ සංවර්ධනයට. නේද කියලා,ගෙවල් දොරවල් අකුල ගෙන ගියා. කිලෝමිටර 5ක් ඈතින් දෙමළ ජනතාව අලුත් ඉඩම් භාර ගන්න බෑ කියද්දි හමුදා කඳවුරු ගලවන්නේ ඇයි? අන්තවාදීන්ගේ වුවමනා ඉටු කරන්න.

අපිට උතුරේ හමුදා කඳවුරු තියාගන්න හේතු ගණනාවක් තියෙනවා. අපි පුනරුත්තාපනය කල 13000 කට අධික කොටි සාමාජිකයන් පිරිසක් අදටත් උතුරේ සැරිසරනවා. මේ අය ආයුධ අතට ගත්තොත් පාලනය කරන්න උතුරේ හමුදා කඳවුරු තියෙන්න ඕන. අදටත් වාර්තාවෙනවා උතුරෙන් හමුවන කොටීන් සැගවූ අවි ආයුධ ගැන. මේවා නැවත අන්තවාදීන් අතට ගත්තොත් පාලනය කරන්න හමුදා කඳවුරු අවශ්‍යයි. මේක හරියට ගින්දරයි පුළුනුයි එක තැන තියනවා වගේ. එහෙම තියෙනවා නමි ෆයර් බිඩේක් එකක් එතන තියෙනවා නම් වැරදිද? ඒ වගේම වසර 2600 ලිඛිත ඉතිහාසය තුල එළාර, කාළිංඝ මාඝ සේන ගුත්තික වැනි සියළු ආක්‍රමණිකයන් ආවේ උතුරිනුයි. චීන කට්ටිය දකුණෙන්, පෘතුගිසින් බටහිරෙන් අවා අනෙක් හැම ආක්‍රමනයක්ම ආවේ උතුරෙන්. හතුරා එන්නේ උතුරින්ම නම් හමුදා කඳවුරු තියෙන්න ඕනෙ උතුරේ නැත්නම් දකුනේ ද?

දැන් මේ හමුදා කඳවුරු ඉවත් කරලා හමුදාව කොහෙද තියන්නේ. ඒ හමුදාව වෙනුවෙන් වෙනත් තැනක හමුදා කඳවුරු ඉදිකල යුතුයි. කෝට් ගානක් ධනය නාස්ති කල යුතුයි. උතුරේ කට්ටිය අපිට හමුදා කඳවුරු එපා කියනවා වගේ දකුණේ අපිත් හමුදා කඳවුරු එපා කියලා කිව්වොත් හමුදාව රදවන් නේ කොහේද?

ගුවන් හමුදාව නම් ගුවන් යානාවල නග්ගල අහසේ කරකව කරකව තියාගන්න පුළුවන් වේවි. නාවික හමුදා නැව්වල නග්ගලා මුහුදේ පා කරකර තියාගත හැකිය. යුධ හමුදාව තියන්නේ කොහේද? සිරිසේන ජනපති තුමනි මේ ප්‍රශ්නය ඔබේ අවධානය පිණිසයි.

බැන්කී මුන් මහත්තයා කතා කලා 19 වන සංශෝධන හරි ෂොක් අපි ඒක අගය කරනවා කියලා. ජාත්‍යන්තර සම්මුති කිසිවක් නෑ ජනාධිපති ධුරය දෙවරකකට සීමා කල යුතුයි කියලා. රුසියාවටත් ගිහින් කියන්න ඕනේ වසර දෙකකට සීමා කරන්න කියලා. රුසියාවේ එහෙම සීමාවක් නෑ. ස්වාධීන කොමිෂන් සභා හොදයි නම් ඒවා නැති රුසියාවට, ප්‍රංශයට, ඇමරිකාවට ස්වාධීන කොමිෂන් සභාව පටන් ගන්න කියන්න තිබුණනේ. ලංකාවට විතරක් මෙවැනි යෝජනා ගෙන එන්නේ ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණය මහ පොළවේ ක්‍රියාත්මක කරන ජත්‍යන්තර ඒජන්තයා බැන්කී මුන් මැතිතුමා. දේශීය ඒජන්තයන් තමයි ජනපති මෛත්‍රීපාල මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්. ඒ නිසා බැනිකී මුන් මැතිතුමාගේ සංචාරය එතුමා කල කී දෙයින් පෙනී යන්නේ ශ්‍රි ලංකාව අද බටහිර යටත් විජිතයක් බවට පත්වෙලා එදා ජොන් ජුවන් ධර්මපාල රජතුමා හරහා පෘතුග්‍රීසින් රූකඩ ආණ්ඩුවක් හරහා ලංකාව පාලනය කල අයුරින්ම අදත් තියෙන්නේ බටහිරට ගැති රූකඩ ආණ්ඩුවක් කියන එක අපිට පෙනී යනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1686563660422042592

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item