සිවුවැනි ඊළාම් යුද්ධය ගැන ෆොන්සේකාගෙනුත් පොතක්‌

සිවුවැනි ඊළාම් යුද්ධය පිළිබඳව තමාද ග්‍රන්ථයක්‌ ලියා පළකරන බව හිටපු හමුදාපති ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ඊයේ (1...

සිවුවැනි ඊළාම් යුද්ධය පිළිබඳව තමාද ග්‍රන්ථයක්‌ ලියා පළකරන බව හිටපු හමුදාපති ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ඊයේ (12 වැනිදා) පැවසීය. 

එම කෘතියට දේශපාලනය කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බවත්, 2017 වසරේ දී එය නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බවත් හෙතෙම කියා සිටියේය. 

යුද්ධය නිර්මාණය වූ ආකාරය, එය කාලයත් සමඟ පෙරට පැමිණි ආකාරය, යුද්ධය විජයග්‍රහණයෙන් අවසන් කළ ආකාරය පිළිබඳව විස්‌තර තම කෘතියට ඇතුළත් කරන බවත්, ඊට අදාළ සැලසුම් මේ වන විට සටහන් කරමින් සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය. 

සිය කෘතිය තුළින් යුද්ධයේ සැබෑ මුහුණුවර හඳුනාගත හැකිවනු ඇතැයි හෙතෙම පැවසීය.

ඇතැමුන්ගේ කෘති තුළින් යුද රහස්‌ හෙළිකර ඇතැයි චෝදනා කළ හිටපු හමුදාපතිවරයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8293439621268127858

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item