මේ පාර රජෙයෙන් කිසිම හොයා බැලීමක් නැ. බයේ ඉන්නේ කොයි වෙලේ රංඩුවක් ඇති වෙයිද කියලා - වන්නිලා ඇත්තන්
මේ දිනවල පවතින දැඩි නියන් තත්ත්වය හේතුවෙන් මහියංගන දඹාන ආදිවාසී ගම්මානය ඇතුලු අවට ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවකට හා අසරණ තත්වයකට පත්ව ...

http://www.sathhanda.com/2016/09/blog-post_539.html
මේ දිනවල පවතින දැඩි නියන් තත්ත්වය හේතුවෙන් මහියංගන දඹාන ආදිවාසී ගම්මානය ඇතුලු අවට ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවකට හා අසරණ තත්වයකට පත්ව ඇතැයි දඹාන ආදිවාසීනායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා සිටියි.
දඹාන, ගුරුකුඹුර, වතුයාය, නිදහන්ගල යන ගම්මාන වල මේ දින වල උග්‍ර ජල හිගයක් හා දැඩි ජල අවශ්‍යතාවයක් පවතින නිසා බීමට පමණක් හෝ ජලය ලබාදෙන ලෙස වන්නිලා ඇත්තන් ඉල්ලා සිටියි.
පවතින තත්ත්වය අනුව තව මාස කිහිපයක් යනතුරු වැස්ස ලැබීම සැක සහිත බවත් වතුරවලට රංඩු ඇතිවේ යැයි තමා මේ දිනවල බියෙන් පසුවන බවත් වන්නිලා ඇත්තන් පවසා සිටියි.
''වෙන වර්ෂ වලදී වගේ නෙවෙයි. ලිං වල වතුර ඉවර වෙන්න කලින් එක්කෙනෙකුට එක්කෙනෙක් උදේම හොරෙන් හොරෙන් ගිහින් වතුර ගන්න තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.
වෙන අවුරුදුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව වැනි ආයතන වලින් මේ වගේ වතුර අමාරු කාලෙට අපට වතුර දෙන වැඩ පිළිවෙලක් තිබුනා.
මේ අවුරුද්දේ ඒ කිසිම කෙනෙක් මේ පැත්ත බැලුවේ නෑ තාම. දඹාන හංදියේ ජල ව්‍යාපෘතියෙත් මාස කිහිපයක් තිස්සේ වතුර නෑ. සත්තුන්ටත් වතුර, කන්ඩ නැතුව හරි අමාරුවෙන් ඉන්නේ. ඒහින්දා මේ ගම්වලට බීම සදහා පමණක් හෝ වතුර දෙන්න කියාලා මම ඉල්ලනවා“
යැයි ආදිවාසී නායක තුමන් ඉල්ලා සිටී.
Related