භාරත ඝාතන නඩු තීන්දුව හෙට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ තීන්දුව හෙට (8 දා) විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ තීන්දුව හෙට (8 දා) විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම නඩුවේ සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක ගුණතිලක හා එම්. සී. බී. එස්‌. මොරායස්‌ යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි.

2011.10.08 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදී අංගොඩ මුල්ලේරියාව හා හිඹුටාන යන ස්‌ථානවලදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, ජලාබ්දීන් මොහොමඩ් අසීම් හා මනිවෙල් කුමාරස්‌වාමී යන අයගේ මරණ සිදු කිරීම, පොලිස්‌ සැරයන් රාජපුරගේ ගාමිණී යන අයට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 17 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබූ අතර 10 වැනි විත්තිකාර ප්‍රියන්ත ජනක බණ්‌ඩාර ගලගොඩ නමැත්තා අධිචෝදනා ගොනු කිරීමට පෙර අතුරුදන්ව සිටීම නිසා ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්විණි.

විතානගේ අනුර තුෂාර ද මෙල් (පොලිස්‌ කොස්‌තාපල්) චන්දන ජගත් කුමාර, චමින්ද රවි ජයනාත්, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්‌ඩාර ගලගොඩ (අතුරුදන්) සහ ආර්. දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් 9 දෙනාත්, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනආරච්චි ශාමින්ද යන ඇමැති ආරක්‍ෂක අංශ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා හා ආර්. දුමින්ද සිල්වා මහතාත් එම නඩුවේ විත්තිකරුවෝ වෙති.

මෙම ගැටුමේදී දුමින්ද සිල්වා මහතාට පළමු වෙඩි පහර එල්ලවූ බවත්, අනතුරුව ඔහුගේ ආරක්ෂකයින් වෙඩි තැබීම සිදුකල බවත් නඩු විභාගෙදි අනාවරණය විය.

පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‍ෂි හා දෙපාර්ශ්වයේ දේශන අවසන් වීමෙන් පසුව තීන්දු ප්‍රකාශය හෙට නිකුත් කිරීමට පසුගිය ජුලි 14 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දින නියම කොට තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1278694322062187271

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item