නිශ්ශංක සේනාධිපතිට-පාලිත ප්‍රනාන්දුට ඇප ලැබෙයි

අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති, විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති සහ හිටපු...

අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති, විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගය පරිදි ඇප ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති, විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අද(06) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගැණුනි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති හා මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැප්තැම්බර් 1 වැනිදා නොතීසි නිකුත් කර තිබිණි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 473194447785569719

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item