ලියාපදිංචි නැති සියළු වෙබ් අඩවි අවහිර කරන්න රජය සූදානම්

මෙරට ක්‍රියාත්මක සියලූ වෙබ් අඩවි විදුලි සංදේශ කොමිසමේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය සූදානම් වන්නේ යයි වාර්තා වෙනව. ජනාධිපති මෛත‍්‍...

මෙරට ක්‍රියාත්මක සියලූ වෙබ් අඩවි විදුලි සංදේශ කොමිසමේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය සූදානම් වන්නේ යයි වාර්තා වෙනව.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අතර පැවති සාකච්චාවකදී මේ ගැන සාකව්ජා කර ඇත.

සමහර වෙබ් අඩවි මාධ්‍ය නිදහස අයථා ලෙස යොදා ගන්නේ යයි කොමිසමට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව කොමිසම පෙන්වා දුන් විට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ එම තත්ත්වයන් වැළැක්වීමට සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

ඒ අනුව වෙබ් අඩවි නියාමනය කිරීමට කර්මවේදයක් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවන වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 622223070551543031

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item