මොකක්‌ද මේ "සිකා"

ඩෙංගු රෝගය පැතිරීම තවමත් සම්පූර්ණයෙන් පාලනය කරගත නොහැකි වී තිබියදී ඩෙංගු මදුරුවා හරහා පැතිර යන "සිකා" වෛරස්‌ උණ රෝගයද ශ්‍රී ලංක...

ඩෙංගු රෝගය පැතිරීම තවමත් සම්පූර්ණයෙන් පාලනය කරගත නොහැකි වී තිබියදී ඩෙංගු මදුරුවා හරහා පැතිර යන "සිකා" වෛරස්‌ උණ රෝගයද ශ්‍රී ලංකාවේ පැතිර යැමේ දැඩි අවදානමක්‌ මතු වන්නට පටන්ගෙන තිබේ.

බ්‍රසීලය ඇතුළු දකුණු ඇමරිකානු රටවල පැතිරීමට පටන්ගත් මෙම රෝගය මෙම දිනවල යාබද පිලිපීනය, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල ශීඝ්‍රයෙන් පැතිරී යැම රෝගය මෙරට පැතිරීමේ අවදානමක්‌ මතුවීමට හේතුවී තිබේ. 

ගැබිනි මව්වරුන්ට වැළඳුණු විට දැඩි සංකූලතා ඇති කරන මෙම රෝගය සාමාන්‍ය පුද්ගලයන්ට වැළඳුණු විට සංකූලතා ඇති නොවන නමුත් පැතිරීම පාලනය කරගත නොහැකි වුවහොත් එය ඩෙංගු මෙන් ඉදිරියේදී දරුණු වීමට ඉඩ ඇතැයි යන මතය කිසිවෙකුටවත් බැහැර කළ නොහැකිය. 

දැනටමත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්‌ මත සිකා රෝගය පැතිර ඇති රටවලට යැමෙන් වළකින ලෙස ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලීම් කර තිබේ. 

වසර 2007 සිට දකුණු ඇමරිකානු රටවල් ඇතුළු රටවල් 72 කට පැතිර ගොස්‌ ඇති "සිකා" වෛරස්‌a උණ රෝගය වැළඳුණු අයකුගෙන් තවත් අයකුට ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි බවටද මේ වන විට විද්‍යාත්මක සාක්‍ෂි හරහා තහවුරු වී තිබේ. 

"සිකා" වෛරස්‌ උණ රෝගය ලොව මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1947 වසරේදී උගන්ඩාවේ "රීසස්‌" වඳුරන් ඇසුරිනි. මෙම රෝගය 1952 දී උගන්ඩා හා ටැන්සානියා ජාතිකයන් අතර පැතිර යන බවට අනාවරණය වූ අතර එතැන් සිට අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව හා පැසිµsක්‌ දූපත්වල විටින් විට මෙම රෝගය මිනිසුන් අතර පැතිර ගොස්‌ තිබිණි.

මෑත කාලයේදී සිකා රෝගය පැතිර යන බවට මුලින්ම වාර්තා වූයේ දකුණු ඇමරිකානු රටක්‌ වන චිලී රාජ්‍යයෙන් වන අතර ඒ 2014 වසරේ මාර්තු මාසයේදීය. රෝගය මෙම වසරේදී බ්‍රසීලය, කොලොම්බියාව හා ආසන්න බොහෝ දකුණු ඇමරිකානු රටවල ශීඝ්‍රයෙන් පැතිර යන බවට වාර්තා වූ අතර ආසියාතික රටවල් අතුරින් සිකා පැතිර යන බව ප්‍රථමයෙන් වාර්තා වූයේ සිංගප්පූරුවෙනි. මේ වන විට පිලිපීනය හා මැලේසියාව යන රටවලටද රෝගය පැතිර යැමට පන්ගෙන ඇති අතර සිංගප්පූරුවෙන් පමණක්‌ රෝගීන් තුන්සිය ගණනක්‌ පසුගියදා සිකා වෛරස්‌ උණ රෝගය වැළඳුණු බවට හඳුනාගෙන තිබිණි. සිකා රෝගය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල පැතිරීමේ අවදානමක්‌ මතුව ඇත්තේ කලාපීය රටවල පැතිර පවතින ඩෙංගු උණ රෝගය පතුරුවන "ඊඩිස්‌" ඝනයේ මදුරුවන් හරහා රෝගය පැතිර යැම හේතුවෙනි. "ඊඩිස්‌" මදුරු විශේෂය උදෑසන, දිවා හා සවස්‌ කාලවල පුqද්ගලයන්ට දෂ්ට කරනු ලබන අතර මිනිස්‌ වාසස්‌ථාන තුළ හා ඉන් පිටත වාසය කරනු ලබන මදුරු විශේෂයකි. විශේෂයෙන්ම "ඊඩිස්‌ බඊජිප්ටයි" නමැති ගැහැනු මදුරුවන් හරහා සිකා රෝගය පැතිරෙන බව අනාවරණය වී තිබේ. 

මෙම රෝගය කෙනකුගෙන් තවත් අයෙකුට පැතිරෙනුයේ ඩෙංගු රෝගය පැතිරෙන ආකාරයෙන්මය. එනම් මදුරුවා රෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා බීමේදී මෙම වෛරසය මදුරුවා තුළට ඇතුළු වී පසුව ඔවුන් දෂ්ට කරන නිරෝගී පුද්ගලයන්ට වෛරසය ශරීරගත වී රෝගය වැළඳීම සිදු වේ.

ඩෙංගු වෛරසය මෙන් නොව සිකා වෛරසය, එම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුගෙන් විශේෂයෙන්ම පිරිමි අයෙකුගෙන් තම බිරිඳට ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙන අතර සිකා රෝගය වැළඳුණු පිරිමි අයෙකුගේ ශුක්‍ර තරලය තුළ වෛරසය සති 8 - 9 අතර කාලයක්‌ හෝ එයට වඩා දිගු කාලයක්‌ පැවතිය හැකි බව අනාවරණය වී තිබේ. 

මෙම තත්ත්වය මත "සිකා" වෛරසය උණ රෝගය පැතිර පවතින රටවල සංචාරය කරන පිරිමි අයෙකු වුවද තමන්ට උණ රෝගයක්‌ වැළඳුණහොත් එය සිකා රෝගයද යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම වැදගත් වේ. 

මෙම වෛරස්‌ උණ රෝගයෙහි ඇති අවාසිදායක කරුණ නම් එම උණ වෛරසය ශරීරගත වූවන්ගෙන් සියයට 80 ක්‌ පමණම රෝග ලක්‌ෂණ පෙන්නුම් නොකිරීමයි. සිකා වෛරස්‌ උණ වැළඳුණු රෝගීන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනුයේ සියයට 20 ක්‌ පමණ වූ ප්‍රතිශතයක්‌ බැවින් රෝගය පැතිර පවතින රටකට ගොස්‌ පැමිණි පුද්ගලයන් තමන්ට උණ රෝගයක්‌ වැළඳුණු විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් රෝග ලක්‌ෂණ පෙන්නුම් නොකළද සිකා රෝගය පැතිර පවතින රටකට ගිය බවට ගුවන් තොටුපළ සෞඛ්‍ය නිලධාරීන් හෝ ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීම රෝගය පාලනය කිරීමේදී අතිශයින් වැදගත් වේ. 

මෙහිදී සිකා පැතිර පවතින රටකට ගොස්‌ පැමිණි අයෙකු සති දෙකක කාලයක්‌ තුළ තමන් එවැනි රටකට ගිය බව බලධාරීන් දැනුවත් කිරීම වැදගත් වේ. 

සිකා වෛරස්‌ උණ රෝගයෙහි ප්‍රධානතම රෝග ලක්‍ෂණ වනුයේ දින කිහිපයක්‌ පවතින උණ, සමෙහි ඇතිවන කුෂ්ට තත්ත්වය, හන්දි වේදනාව හා ඇස්‌ රතු වීමයි. මෙම රෝග ලක්‍ෂණවලට අමතරව යමෙකුට හිසරදය, මස්‌පිඬු වේදනාව, කකුල් ඉදිමීම හා ඇස්‌ අවට වේදනාව හටගත හැකියි.

රෝග ලක්‍ෂණ දින 2 සිට දින 7 ක්‌ දක්‌වා පැවතිය හැකි අතර රෝහල්ගත කිරීමට තරම් උග්‍ර තත්ත්වයක පසුවන රෝගීන් සොයා ගැන්ම විරල බව වෛද්‍ය මතයයි. මේ දක්‌වා සිකා රෝගයට ගොදුරු වීමෙන් මරණයට පත්වූවෙකු පිළිබඳව වාර්තා වී නැත. එහෙත් ගැබිනි මව්වරුන්ට රෝගය වැළඳීමෙන් උපදින දරුවන්ගේ හිස්‌ කුඩා තත්ත්වයක පැවතිය හැකි බවට වාර්තා වී තිබේ.

ගැබිනි මව්වරුන්ට සිකා රෝගය වැළඳීම නිසා ඔවුන් ප්‍රසූත කළ මෙවැනි කුඩා හිස්‌ සහිත වූ දරුවන් බ්‍රසීලයෙන් සොයා ගැණුනු බවට පසුගිය මාසවලදී වාර්තා වී තිබිණි. 

මෙම තත්ත්වය මත සිකා රෝගය පැතිර පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත්, එවැනි රටකට ගොස්‌ පැමිණෙන ගැබිනි මව්වරුන් තමන්ට සිකා වෛරසය ශරීරගත වී ඇත්දැයි යන්න රුධිර පරීක්‍ෂාවක්‌ හරහා තහවුරු කරගත යුතු බවටත් බොහෝ රටවල් නිවේදනය කර තිබිණි. 

ශ්‍රී ලංකාවද එම තත්ත්වයම අනුගමනය කරමින් ගැබිනි මව්වරුන් සිකා රෝගය පැතිර පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින්නේ නම් වඩා යහපත් බවට පෙරේදා (19 දා) ප්‍රසිද්ධියේ ඉල්ලීමක්‌ කර තිබිණ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් මෙම ඉල්ලීම කළ අතර රෝගය පැතිර පවතින රටවලට ගොස්‌ පැමිණෙන ශ්‍රී ලාංකිකකයන් තමන්ට උණ රෝගයක්‌ වැළඳුණු විට ඒ පිළිබඳව වෛද්‍ය අංශ දැනුවත් කිරීමෙන් රෝගය මෙරට පැතිරීම වළක්‌වා ගත හැකි බවද අනාවරණය කළේය. 

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි සිකා රෝගය හඳුනා ගැනීමේ රුධිර පරීක්‍ෂණය වන රුධිර සාම්පල්වලින් වෛරසය වෙන්කර ගැනිSමේ "පී.සී.ආර්." පරීක්‍ෂාව සිදු කෙරෙන බැවින් ඒ හරහා පහසුවෙන් යමෙකුට තමන්ට සිකා රෝගය වැළඳී ඇත්දැයි තහවුරු කරගත හැකිය.

සිකා වෛරසය උණ රෝගය පෙන්නුම් කරන රෝග ලක්‍ෂණයන් අනුව රෝගියාගේ ස්‌වභාවය හා රෝග ලක්‌ෂණ මත ප්‍රතිකාර නියම කෙරෙන අතර ප්‍රමාණවත් විවේකය, ප්‍රමාණවත් දියර පානය කිරීම, උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් අඩංගු බෙහෙත් වර්ග භාවිත කිරීම රෝගියාට නිර්දේශ කෙරේ. රෝගය පවතින කාලය තුළදී ඇස්‌ප්‍රින් හෝ එන්.එස්‌. ඒඩ්ස්‌ කාණ්‌ඩයේ බෙහෙත් ලබා නොගත යුතු බව වෛද්‍ය මතයයි.

සිකා වෛරස්‌ උණ මෙරට පැතිරීම පාලනය කළ හැකි ප්‍රධානතම මාර්ගයක්‌ වනුයේ "ඊඩ්ස්‌" වර්ගයේ ඩෙංගු මදුරුවන් බෝවන හිස්‌ ටින්, පොල්කටු, ප්ලාස්‌ටික්‌ බඳුන්, ඉවතලන ටයර් වැනි පිරිසිදු වැසි ජලය එකතුවන ද්‍රව්‍ය විනාශ කිරීම, මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළැකීම සඳහා මදුරු දැල් භාවිත කිරීම, ශරීරයේ වැඩි ප්‍රමාණයක්‌ ආවරණය වන පරිදි අත්දිග ෂර්ට්‌, කලිසම් වැනි ඇඳුම් පැළඳීම, එළිමහනෙහි සිටින විට මදුරු විකර්ෂණ ආලේපන ගැල්වීම යනාදියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 7398005599315391895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item