අය වැය ගැන වැඩි බලා‍පොරොත්තු එපා - මහින්ද අමරවීර

ඉදිරි අයවැය තුළින් මේ රටේ ජනතාව මහත් වූ බලා‍පොරොත්තු තබාගත යුතු නැති බවත් රටේ අයවැයේ ප්‍රධාන අරමුණ කිරිපිටි මිල, පරිප්පු මිල අඩුකිරීම නොව...

ඉදිරි අයවැය තුළින් මේ රටේ ජනතාව මහත් වූ බලා‍පොරොත්තු තබාගත යුතු නැති බවත් රටේ අයවැයේ ප්‍රධාන අරමුණ කිරිපිටි මිල, පරිප්පු මිල අඩුකිරීම නොවන බවත් අයවැය ඉදිරි වසරේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා සිදුකරනු ලබන වැඩපිළිවෙළක ‍ලේඛනයක් විය යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (19) දින තංගල්ල කුඩාවැල්‍ලේදී පැවැසීය.

කුඩාවැල්ල ධීවර වරායේ රුපියල් ලක්ෂ 119ක් වැය කොට ඉදිකරනු ලබන නව ජැටියට මුල් ගල් තැබිමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.

ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා පසුගිය සති අන්තයේ පුවත්පතකට පවසා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව බෙදුණු වාර්තාවක් වෙන බවයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කරන කෝප් කමිටුවේ සාමාජිකයන් ඔහුගේ දේශපාලනය හා ඔහුගේ පෞද්ගලිකත්වය ගැන නොසලකා ඔහු වංචාකාරයෙක් ලෙස නම් කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවැරදිකරුවෙක් වන්නේ නම් ඔහු වරදකරුවෙකු කිරීමේ අවශ්‍යතාවක් අපට නැහැ. කෝප් කමිටු සාමාජිකයන් පක්ෂ බේදයකින් තොරව මෙම පරීක්ෂණ සඳහා සහය දිය යුතුයි. මම දන්න විදිහට හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු ඉවත් කිරීම සඳහා අපි දිගු අරගලයක් ආණ්ඩුව තුළ ගෙන ගියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7568997858188930579

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item