ආර්ථිකයට පෙර මුදල් ඇමති පාලනය කරන්න
රටේ ආර්ථිකය පාලනය කිරීමට පෙර මුදල් ඇමතිවරයා පාලනය කරන්නැයි අගමැතිගෙන් හා ජනපතිගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක හ...
http://www.sathhanda.com/2016/09/blog-post_728.html
රටේ ආර්ථිකය පාලනය කිරීමට පෙර මුදල් ඇමතිවරයා පාලනය කරන්නැයි අගමැතිගෙන් හා ජනපතිගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පවසයි.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ ධනපති ස්ථරයේ බවත්, ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අයටවත් සාකච්ඡාවක් නොදෙන බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.
මේ නිසා මුදල් ඇමතිවරයා පාලනය නොකර රටේ ආර්ථිකය පාලනය කළ නොහැකි යැයිද ජනාධිපතිවරයා හා අගමැතිවරයා ආර්ථිකය පාලනය කළ යුතු යැයිද හෙතෙම පැවසීය.
රටේ ආර්ථිකය ගොඩගත නොහැකි නම් ආණ්ඩු කිරීමෙන් ඵලක් නැතැයිද වැඩිදුරටත් කියා සිටියේය.
Related