අරමුණ ඉටුකරගන්න බහු ජාතික සමාගම් බාධාවක් - ජනපති

'වස විස නැති රටක්' ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරමින් රජය ඉටු කරන්නේ දේශපාලන කාර්යයක් නොව රට තුළ නීරෝගී ජනත...

'වස විස නැති රටක්' ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරමින් රජය ඉටු කරන්නේ දේශපාලන කාර්යයක් නොව රට තුළ නීරෝගී ජනතාවක් බිහිකිරීමේ පළමු වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මෙම ජාතික වැඩසටහනේ අරමුණ ඉටු කරගැනීමට බාධාවක් වී ඇත්තේ බහු ජාතික සමාගම් විසින් ගෙනයන දැවැන්ත ප්‍රචාරක උපක්‍රම බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ් කෘමිනාශක හඳුන්වාදුන් ලෝකයේ සංවර්ධිත රටවල් අද එහි පවතින අවධානම තේරුම්ගෙන ඒවායින් ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින බවය.

මෙම 'වස විස නැති රටක්' වැඩසටහන යටතේ මහ කන්නය ඇතුළත උඩවලව කලාපය, මහවැලි බී කලාපය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ ව්‍යාපෘතියක් සිදුකිරීමට ද නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 589840622729141569

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item