හිරුණිකා, නඩු තීන්දුවෙන් පසු හඬාවැටෙමින් කළ ප්‍රකාශය (VIDEO)
වත්මන් රජය බලයට පත්නොවුයේ නම් තම පියාගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩ නොතිබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණික...

https://www.sathhanda.com/2016/09/video_8.html
ඇය මෙම අදහස් පළ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අද ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව යි.
වරදකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබා දී ඇති නිසා කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බව ද ඇය පැවසුවා ය.
නමුත් තමන්ට සිදුවු අසාධාරණය වෙනුවෙන් නීතිය හමුවට ගොස් නීතියේ පිළිසරණ බලාපොරොත්තු වූ බවත් තමා වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ යුක්තිය තමන් හට අද හිමි වූ බවත් ඇය පෙන්වා දුන්නා ය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වීමෙන් පසු තමාත්, තම මවත් ඉතා දුක්බර තත්වයකට පත්වූ බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
වීඩියෝව පහතින් > > >
Related