ජවිපෙ ආණ්ඩුව පෙරළන්න පුළුල් පෙරමුණක් හදනවලු

ආණ්ඩුව පෙරළා දැමිය හැකි පුළුල් පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ...

ආණ්ඩුව පෙරළා දැමිය හැකි පුළුල් පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ වසර 2020 වනවිට එම පුළුල් පෙරමුණ බිහි කෙරෙන බවයි.

අම්පාරේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා එම අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මේක ජනතා විමුක්ති පෙරමුණ විදිහටම නෙමෙයි..පක්ෂ, පුද්ගලයන්, සංවිධාන.. ගණනාවක් එක් වෙලා මහජන පෙරමුණක් ලෙස ඉදිරියට එයි. අපි දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග කතා කරලා තියෙනවා.. නීතිඥ සංගම් හමුවෙලා තියෙනවා.. පොලිසියේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා…”යනුවෙනි.

එහෙත් රටේ පවතින නීතිය අනුව ආරක්ෂක අංශ වලට රටේ දේශපාලනය කිරීමේ හැකියාවක් නොමැති අතර අනුර කුමාර පොලිසිය සමග ආණ්ඩුව පෙරලීමට සාකච්චා කරන්නේ නම් හෝ කුමන හෝ දේශපාලනයක් කරන්නේ නම් එය නීති විරෝධී කටයුත්තකි.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ආණ්ඩු විරෝධි පිරිස් පවසන්නේ වර්තමායේ පොලිසියේ FCID පරීක්ෂණ බොහොමයක්  දේශපාලනික ස්වරුපයක් ගෙනතිබෙන්නේ ඒ පිටුපස ආණ්ඩු පාර්ශවය සහ ජවිපය සිටින නිසාවෙන් බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8492685422899238684

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item