දුමින්දට දුන් තීන්දුව විවාදාත්මකයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 08 වන දින කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබා දුන...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 08 වන දින කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ බරපතළ විවාදාත්මක තත්ත්වයක් පවතී.

මෙම විනිසුරු මඬුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසූවේ මනුෂ්‍ය ඝාතනයක් ගැන වූ පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බැවින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන බවය.

ගුණරත්න මහතා සිය ප්‍රකාශයේ දී මෙම ඝාතනය සම්බන්ධ විමර්ශනය සිදු වී ඇති ආකාරය ගැන ද සැක පළ කළ අතර ඒ අනුව සැකයේ වාසිය විත්තිකරුවන්ට හිමි විය යුතුය යන මතයේ සිටියේය.

මෙහි දී විනිසුරු එම්. බී. එස්. මොරායස් මහතා තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අතර ඔහු පද්මිනී එන්. රණවක විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළ තීන්දුවට එකඟතාව දැක්වීම පමණක් සිදු කළේය.

කෙසේ නමුත් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ රණවක විනිසුරුවරිය මෙහි දී අදාළ ඝාතනය විත්තිකරුවන් විසින් නිශ්චිතව සිදු කිරීම ඔප්පු කිරීමට වඩා වෙනත් කරුණු කාරණා මත පදනම්ව මෙම ඝාතනය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බවට වන තීන්දුවක් ලබා දී ඇති බවය.

විත්තිකාර දුමින්ද සිල්වා මහතා බීමත්ව සිටීම, ප්‍රේමචන්ද්‍ර කෙරෙහි කාලයක සිට වෛරයෙන් පසුවීම, ඔහුගේ නායකත්වය යටතේ සෙසු විත්තිකරුවන් කටයුතු කිරීම, සිල්වා මහතාගේ පෙර හැසිරීම්, එල්ටීටීඊ සංවිධානයට අයත් අවියක් යොදා ගැනීම ආදී කාරණා කෙරෙහි විනිසුරුවරිය අවධානය යොමු කර තිබිණි.

මෙම විවාදාපන්න තත්ත්වය හමුවේ නැවත අභියාචනයක් කරන්නේ නම් තීන්දුව වෙනස් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව මෙම නීතිවේදීන්ගේ මතය වී ඇත.

කෙසේ නමුත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යම් ප්‍රකාශයක් කිරීමට විත්තිකරුවන්ට ඉඩ ලැබෙන අවස්ථාවේ දී සියලු විත්තිකරුවෝ තමන් නිර්දෝෂී බව පැවසූහ.

මේ අතර මෙම බෙදුණු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කරන බව විත්තියේ නීතිඥවරු පවසා සිටිති.

එමෙන්ම මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු විය යුතු අතර ඒ සඳහා දිනය හා වේලාව නියම කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු වේ.

එහෙත් මෙරට තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම දශක ගණනාවක සිට අත්හැර දමා ඇත. එය මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡ දඬුවම් ක්‍රමයක් බවට මේ වන විට ලෝකය පුරා පිළිගත් මතයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8048263041145843621

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item