බැඳුම්කර වංචාව ඇල්වතුරෙන් නිවන්න හදනවා - වසන්ත සමරසිංහ
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ සංවාද සාකච්ඡා ඇල්වතුර තත්ත්වයටම නිවා රජය යටගහන්නට හදන බව දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ...

http://www.sathhanda.com/2016/09/blog-post_84.html
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ සංවාද සාකච්ඡා ඇල්වතුර තත්ත්වයටම නිවා රජය යටගහන්නට හදන බව දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේය.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ නිලධාරීන් සම්බන්ධයෙන් හා රටට සිදු වූ පාඩුව ආයතන පද්ධතියට කරනු ලැබූ හානිය පිළිබඳව රජය සොයා නොබලන තත්ත්වයට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවරක් ගන්නා ලෙස නව මහ බැංකු අධිපත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවත් පැවැසීය.
මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ හොරුන්ට දඬුවම් දෙන් නැතිව මේ රටේ කාටත් දඬුවම් දීම සුදුසු නැති බවත් මෙම වංචාව පිටුපස අගමැති, මුදල් ඇමැතිවරයා ආදී එක්සත් ජාතික පාක්ෂය සිටින බවත් වසන්ත සමරසිංහ මහතා පැවැසීය.වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ සේවය කරන නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවතින චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් සාක්ෂි දී ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පැවැසූ ඒ මහතා හොරු අල්ලන්න ආපු මිනිස්සු හොරුත් එක්ක එකතුවෙලා මහ දවල් හොරකමේ යන බවක් පැවැසුවේය.
ඒ මහතා මේ අදහස් පැවැසුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ අද (07) පැවැති මාධ්‍ය හමුවේදීය.
Related