නියමුවන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාව අඛණ්ඩව කරනවා
ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් ක...

https://www.sathhanda.com/2016/09/blog-post_41.html
ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වාදෙන්නේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ මූලිකම ප්‍රමුඛතාවය බවයි.
සැමවිටම උසස් ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරමින් ගුවන් මගීන්ට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියමයන්ට අනුව සියළුම ගුවන් සේවාවන්හි ගුවන් නියමු කාර්යමණ්ඩලය මත්ද්‍රව්‍ය පරීක්ෂාව සිදුකිරීම අනිවාර්ය කර ඇත.
රාජකාරී අවස්ථාවේදී මෙම පරීක්ෂණය සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීම, ගුවන් සේවා රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වාදෙයි.
මත්ද්‍රව්‍ය පරීක්ෂාව සිදුකිරීම ප්‍රතික්ෂේප කීරීම විනය විරෝධී හැසිරීමක් බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related