මහින්ද මැලේසියාවට ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්නයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වන සම්මේලනයට සහභාගි නොවී මැලේසියාවට ගියේ පක්‍ෂ සම්මේලනයට ලැබෙන ප්‍රසිද්ධි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වන සම්මේලනයට සහභාගි නොවී මැලේසියාවට ගියේ පක්‍ෂ සම්මේලනයට ලැබෙන ප්‍රසිද්ධිය යටකර ඒ මහතාට කොටි ඩයස්‌පෝරාවෙන් එල්ලවන බලපෑමට වැඩි ප්‍රසිද්ධියක්‌ ලබා ගැනීමට යෑයි මොරටුව මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඊයේ (12 වැනිදා) පැවැසීය

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා (12 වැනිදා) මොරටුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා එසේ පැවැසිය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඔහු මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වන සමුළුව කුරුණෑගල අති සාර්ථක ලෙස පැවැත්වූවා. සමහරු හිතුවා මේකට ජන සහභාගීත්වය අඩුවෙයි කියලා. නමුත් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවැති රැස්‌වීමට පැමිණි ජනකාය දෙස බලනකොට ගමේ පක්‍ෂ සාමාජිකත්වය පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය වටා සිටින බව පෙනී ගියා.

මේ නිසා හිටපු ජනාධිපති යම් සිත්තැවුලකින් සිටින බව පෙනී යනවා. ඒ මහතා මැලේසියාවට යාම ගැනත් අපිට පොඩි සැකයක්‌ තිබෙනවා. මැලේසියාව තමයි කොටි ඩයස්‌පෝරාව ශක්‌තිමත්ව සිටිය රට. ඒ රටේ අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා ඇතිවන බව දැනගෙන හිටියා. මෙහිදී ඒ මහතා කරුණු දෙකක්‌ මුල්කර ගත්තා. එකක්‌ තමයි පක්‍ෂ සම්මේලනයට නොයැම. ඊළඟ එක පක්‍ෂ සම්මේලනයට නොගොස්‌ පක්‍ෂ සම්මේලනයට මෙරටදී ලැබෙන ප්‍රසිද්ධියට වඩා වැඩි ප්‍රසිද්ධියක්‌ මැලේසියාවේ එල්ටීටීඊ ඩයස්‌ පෝරාවෙන් ලැබෙන විරෝධයට ප්‍රචාරයක්‌ ලබා ගැනීම. නමුත් එම උත්සාහය අසාර්ථ වුණා.

දැන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය විසුරුවා හැර ශ්‍රී ලංකා එක්‌සත් ජාතික පෙරමුණක්‌ ඇතිකර ගන්නා ලෙස කියා තිබෙනවා. මම කියන්න කැමතියි 2006 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂය සමග මුලින්ම ගිවිසුම් ගතවුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එදා කිව්වේ දකුණු ආසියාවේ අලුත් ගමනක්‌ යන්න මුල පිරුවා කියලයි.

එදා ඒ ගිවිසුම හරිගිය නැති නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ පක්‍ෂයට එක්‌කර ගන්න කටයුතු කළා. අද ඒකාබද්ධ විපක්‍ෂයේ කියලා කෑ ගහන්නේ ඒ පිරිසයි. ඒකාබද්ධ විපක්‍ෂයේ කියලා කෑ ගහන්නේ නියම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පිරිසද? මේකේ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ අය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයද? මේ අයත් එක්‌කද මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන්නට හදන්නේ.

එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැඩුණා. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌කරගෙන ශක්‌තිමත් කරනවා. එදා 2015 ජනාධිපතිවරණයට නම් කරපු ගමන් ජාතික හෙළ උරුමයත් එක්‌ක පොදු අපේක්‍ෂකයාට සහය දෙන්න තමයි ගම්මන්පිල මහත්තය එළියට බැහැල හිටියේ. පසුවයි නැවත හිටපු ජනාධිපතිවරයා සමග එක්‌වුණේ. ගම්මන්පිල මහත්තය පාර්ලිමේන්තුවට ගියෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඡන්දවලින්. නමුත් ඒ මහත්තයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයවත්, පක්‍ෂ අර්බුදයන්වත් කතා කරන්න අවස්‌ථාව දීලා නැහැ. කතා කරන්න අයිතියකුත් නැහැ. ඒ මහතාට දැන් පිවිතුරු හෙළ උරුමයේ වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3034135748839565474

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item