නැඟණිය ගැබිනියක් කළ තරුණයා දිවි නසා ගනියි

පහළොස්‌ හැවිරිදි නැඟණියට අතවර කර ගැබිනියක්‌ කළ බව කියන දාහත් හැවිරිදි තරුණයකු ගෙලවැලලා ගෙන මියගොස්‌ ඇතැයි අක්‌මීමන පොලිසිය පවසයි. ජාත...

පහළොස්‌ හැවිරිදි නැඟණියට අතවර කර ගැබිනියක්‌ කළ බව කියන දාහත් හැවිරිදි තරුණයකු ගෙලවැලලා ගෙන මියගොස්‌ ඇතැයි අක්‌මීමන පොලිසිය පවසයි.

ජාතික ළමාරක්‌ෂක අධිකාරියට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව පරීක්‌ෂණ පැවැත්වීම සඳහා අක්‌මීමන පොලිසියේ නිලධාරීන් එම නිවසට යැම නිසා බියටපත් වූ තරුණයා එල්ලී මියගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

මේ වන විට දැරිය මාස අටක ගැබිනියක්‌ බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ දිනයක දූෂණය සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්‌මීමන පොලිසිය පරීක්‌ෂණ පවත්වයි. මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5196864205252118633

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item