යාපනයේ ළිඳකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)

යාපනය තෙලිප්පලෙයි කුරුම්බන්සෙට්ටි ප‍්‍රදේශයේ ළිඳක තිබී බෝම්බ 160 ක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් ...

යාපනය තෙලිප්පලෙයි කුරුම්බන්සෙට්ටි ප‍්‍රදේශයේ ළිඳක තිබී බෝම්බ 160 ක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ තෙලිප්පලෙයි පොලිසිය විසින් ඊයේ (25) පස්වරුවේ එම අවි ආයුධ තොගය සොයාගත් බවයි.

බෝම්බවලට අමතරව ආර්. පී. ජී. උණ්ඩ 51 ක්, එම්. පී. එම්. ජී. උණ්ඩ 1600 ක් ඇතුළු උණ්ඩ තොගයක් එහි දී හමු වී තිබෙනවා.

එම ආයුධ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය හා එක්ව නිෂ්ක‍්‍රීය කිරීමට පියවර ගන්නා බව තෙලිප්පලෙයි පොලිසිය කියා සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9014529331388227086

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item