අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා. අද මම කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා - ජනපති මෛත්‍රිපාල

"එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා අද පොදු ජනතාවගේ සේවකයා විදියට මම කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා" යැ...

"එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා අද පොදු ජනතාවගේ සේවකයා විදියට මම කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා" යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැති එජාප 70 වැනි සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කියා සිටියේය.

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ වැඩිම කොටස්කරුවන් සිටින පක්ෂයේ සංවත්සරයට ආරාධනා ලැබීම සතුටක් බවද ජනාධිපතිවරයා පැවසුවේය.

එජාපයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතා 1946 දී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි එකම ජාතිකයක් ලෙස සිටිය යුතු බවට වසර 70ට කලින් කියූ දේ අදත් අපිට කියන්න සිදුව ඇති බවද, ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

ඩී.එස් සේනානායක, එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක, චෙල්වනායගම් වැනි නායකයින් අදින් අවුරුදු ගාණකට කලින් සිදුකළ එම ප්‍රකාශ අදටත් අපට කියන්න සිදුව ඇත්තේ මේ රටේ සියලූ ජාතීන් සංහිඳියාව වෙනුවෙන් කටයුතු නොකළ නිසා බවත්, එහි ප්‍රතිඵලය 30 වසරක යුද්ධය බවත්, ඒ මහතා පැවසුවේය.

කෙසේ වුවද එජාප 70 වැනි සම්මේලනයේදී අද සම්මත කර ගත් යෝජනා මගින් කිසිදු විදේශීය බලවේගයකට දේශයේ ස්වාධිපත්‍ය හෑල්ලු කිරීමට ඉඩනොදෙන බව සඳහන් කර ඇති බවත්, එසේම බහුතර සිංහල ජනතාවගේ සාඩම්බර උරුමය හා සංස්කෘතිය තව තවත් ඔප් නංවාලීමට ද, දෙමළ හා අනෙකුත් ජනවර්ගයන්ගේ සහයෙන් නිරන්තර ක්‍රියාකරලීමට ද, වසර 2500ට උරුමකම් කියන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සෙසු ආගම් ද ඇදහීමේ හා විශ්වාසය කිරීමේ අයිතිය තහවුරුකර තිබීම පැසසිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය." යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 288188237188181211

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item