ජනාධිපති සමඟ මෙවර UN සමුළුවට ලංකාවෙන් 67ක්

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසි වාරය ඊයේ ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දූත පිරිසක් සහභාගී වී සිටි...


එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසි වාරය ඊයේ ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දූත පිරිසක් සහභාගී වී සිටිති.

ඊයේ රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා විශේෂ දිවා භෝජනයක් පිරිනැමූ අතර එහිදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පැවැත්වුන බැව් වාර්තා වේ.

ශ්‍රී ලංකා දූත පිරිසට මංගල සමරවීර, ෆයිස් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, මහින්ද සමරසිංහ, අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන ඇමැති සහ නි.ඇමැති වරුන්ද, නාලක කොලොන්නේ, විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරුන්ද, අයත් වෙති.

ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළු මාධ්‍ය වලින් පිරිසක් මෙන්ම , ආරක්ෂකයන්ද, රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු 67 දෙනෙකු මෙවර සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වී සිටිති.

පසුගිය වාරයේ සංචාරයට ජනාධිපතිවරයා සමග සහභාගී වූයේ 20 ක පමණ දූත පිරිසක් වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සහභාගි වූ පලමු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය එය විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. If you've already found your ideal mortgage provider but they are still aiming to reduce your mortgage payment, consider increasing the size your down payment, or increasing the amortization period of your respective mortgage. mortgage payment calculator Nicole's passion just isn't only limited to her work as she enjoys the outdoors and will usually be found running the seawall, snowboarding at grouse or hiking an area trail. mortgage payment calculator

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3784055444572707702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item