UN ආරක්ෂක කවුන්සිලයේදී රුසියා - ඇමෙරිකා ගැටුමක්

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරනලද ප්‍රහාරයකින් සිරියානු හමුදා සාමාජිකයන් රැසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල් කරගෙන එක්සත් ජාතීන්ගේ...

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරනලද ප්‍රහාරයකින් සිරියානු හමුදා සාමාජිකයන් රැසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල් කරගෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී රුසියානු හා ඇමෙරිකානු නියෝජිතයන් දෙදෙනා දැඩි වාග් සංග්‍රාමයක යෙදී ඇත.

සෙනසුරාදා දිනයේදී සිදුවූ මෙම ගුවන් ප්‍රහාරය නැගෙනහිර සිරියාව වෙත එල්ල වී ඇති අතර, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉලක්ක කර තමන් පහරදුන් බව ඇමෙරිකාව කියයි. කෙසේ වෙතත්, ඉන් සිරියානු සෝල්දාදුවන් ජීවිතක්ෂයට පත්වූයේ නම් එය අත්වැරැද්දක් බවද ඔවුන් පවසා ඇත.

කෙසේ වෙතත්, රුසියාව හා සිරියාව චෝදනා කරන්නේ වොෂින්ටන් බලඅධිකාරය හා ඔවුන්ගේ ඒකාබද්ධ මිතුරු කැළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට අනුකම්පා කරන බවයි.

රුසියානු හමුදාවට අනුව මෙම ගුවන් ප්‍රහාරයෙන් සිරියානු හමුදා සොල්දාදුවන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වෙතත්, මහා බ්‍රිතාන්‍ය පදනම් කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව ප්‍රහාරයෙන් සොල්දාදුවන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 120 දෙනෙක් තුවාල ලබා තිබේ.

එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිත විටලි චර්කින් ගුවන් ප්‍රහාරය එල්ල වූ මේ අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ, ඇමෙරිකාව හා රුසියාව එක්ව සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව ප්‍රහාර මාලාවක් අරම්භ කිරීමට සූදානම් වන වටපිටාවේ මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ සදාචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 9102973061774524643

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item