රේගුව අද සිට අකුරට වැඩ

යෝජිත නව රේගු පනත ගෙනඑන්නේ කුමන කරුණක් නිසාද යන්න බලධාරීන්ට තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙන නිසා අදාළ පනත හකුළාගන්නා ලෙස ඉල්ලා අද (1...

යෝජිත නව රේගු පනත ගෙනඑන්නේ කුමන කරුණක් නිසාද යන්න බලධාරීන්ට තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙන නිසා අදාළ පනත හකුළාගන්නා ලෙස ඉල්ලා අද (19දා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

යෝජිත රේගු පනත අවලංගු කරන ලෙස ඉල්ලා 15 වැනිදා පැය 24 ක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ බව එම සන්ධානයේ සාමාජික රේගු අධිකාරී සංගමයේ ලේකම් උදිත ජයසිංහ මහතා සඳහන් කළේය. 15 වැනිදා සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දැක්වීම සඳහා හෝ බලධාරීන් කටයුතු කර නැතැයිද ඔහු පවසා සිටියේය.

මේ නිසා පවතින රේගු පනත සංශෝධනය කරන්නේ කුමන හේතුවකටද යන්න සහ නව පනතක් ගෙනඑන්නේ ඇයිද යන්න පිළිබඳ බලධාරීන් පැවසිය යුතු බවද උදිත ජයසිංහ සඳහන් කළේය.

මේ පිළිබඳ අඩුම තරමින් වෘත්තීය සමිති සමග බලධාරීන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත්, මේ නිසා නිලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය පෑමක් ලෙස අද (19දා) සිට ගැටලුව විසඳන තෙක් තම සාමාජිකයන්ගේ සේවය පැය 08 වැඩ මුරයට පමණක් සීමා කරන බවත් හෙතෙම පවසා සිටියේය. මෙම කාලය තුළදී අතිකාල සේවාවල නිරත නොවන බවද උදිත ජයසිංහ කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 215260453551690801

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item