මගේ ඇමති මං නොදැන උසාවි ගෙනියන්නේ කොහොමද.. මෙහෙම ගියොත් අලූත් ව්‍යවස්ථාවට 2/3 නැතිවෙයි.. – ජනපති

“ඡන්දයකදි ඇමතිවරයෙක් ටී සර්ට් එකක් බෙදුවා කියලා නඩු වැටෙනවා, ගoවතුරක් ගලපු වෙලාවට සහනාධාර, බඩු භාණ්ඩ බෙදුවා කියලා ඒකට පරික්ෂණ පවත්වනවා”. ...

“ඡන්දයකදි ඇමතිවරයෙක් ටී සර්ට් එකක් බෙදුවා කියලා නඩු වැටෙනවා, ගoවතුරක් ගලපු වෙලාවට සහනාධාර, බඩු භාණ්ඩ බෙදුවා කියලා ඒකට පරික්ෂණ පවත්වනවා”. අපි මේ ආයතන හැදුවේ ඇයි? එෆ්සීඩිඅයි FCDI එක හදපු පරමාර්ථයක් තියෙනවා, ඒක හදපු පරමාර්ථය ඉස්ඨ වෙන්න ඕන, මේ රටේ තියෙන කුණු ඔක්කෝම බදාගෙන පරීක්ෂණ තුන් හාරසියක් කරන්න නොවෙයි. මේ එක එක සමාගම්වල එවා වෙන වෙන පුද්ගලික කාරණා ප්‍රශ්න කරන්න නොවෙයි එෆ්සීඩිඅයි එක හැදුවේ, එවා කරන්න පොලිස් දෙපාර්තමේන්තුව වෙන වෙන යම් ආයතනවලින් එවා කල හැකියි, එෆ්සීඩිඅයි එක තමන්ට පවරපු වගකීමේ නොවෙයි ඉන්නේ, දැන් වෙන වෙන පාරවල්වල යන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3/2 කින් සම්මත කරගන්න තියෙනවා, මෙහෙම කලොත් ඒකට යම් බලපෑමක් වෙනවා. ඒක මට වගේම රජයටත් ප්‍රශ්නයක්. ෆවුසි මගේ රාජ්‍ය ඇමතිට උසාවි පෙනි සිටින්න කියා දන්වනකම් ඔහුට විරුද්ධව පරික්ෂණයක් වුනා කියලා මම දන්නේ නැහ හිටපු අමාත්‍යාංශයේ තමන් පාවිච්චි කරපු වහානය ඉන්න අමාත්‍යාංශයට අරන් ගියා කියලා නඩු දානවා නම් මේ මුලු කැබිනට් මණ්ඩලයටම නඩු දාන්න ඕන. මට තියෙන ප්‍රස්නේ ඇයි එක්කෙනෙකුට විතරක් නඩු දැම්මේ. යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සතියේ ඉරිදා ලoකාදිපය සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

එම ආයතන දැනගන්නට ඕන ඔහුන්ට පවරපු වගකිම මොකක්ද කියලා, මහා පරිමාණයෙන් සිදුවූ මූල්‍ය වoචා පරික්ෂණ එවා කරන්න ඕනෑ , දැන් නඩු දාන්නේ කොඩි කනුවක් අරන් ගියාට, වහානයක් මාරු කලාට, ටී ෂර්ට් එකක් බෙදුවට, සහනාධාර බෙදුවට මේවට තමයි මේ ආයතන නඩු දාන්නේ, හැබයි මේ ආයතනවල වගකීම ඊට වඩා පුලුල් බවත්, නිකන් කොහේ හරි යන හාල්මැස්සන් අල්ලාගෙන කරන දේවල් නොවෙයි කරන්න ඕනෑ, යයි ජනාධිපතිවරයා පවසා ඇත.

වාර්තාකරු විසින් එෆ්සීඩිඅයි එක නිත්‍යානුකූල ආයතනයක්ද යන්න ජනාධිපතිගෙන් විමසු විට ඔහු පැවසුවේ නිතිපතිගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් පත්වූ ආයතනයක් බැවින් තමාට එය නිත්‍යානුකූල නොවන ආයතනයක් ලෙස කියන්න පුලුවන් කමක් නැහ. “එහෙත් මේ ආයතනයට මෙසේ චෝදනා එන්නේ මේ ආයතනවල ඔය ඇතැම් ක්‍රියාකලාපයන් නිසා තමයි, ඒ ක්‍රියාකරන අය අවoකව. කැපවීමෙන්, අපක්ෂපාතීව, කටයුතු කරනවා නම් ඔය විදීයේ චෝදනා එන්නේ නැහ, මෙවා නීතිවිරෝධී කියාලා උසාවි යන්නේත් නැහ. නිත්‍යානුකූල තත්ත්වයක් යටතේ මේවා පැහැදිලිව වැඩ කරන ආයතන කියන එක මහජනතාවට පේනවා නම් ඔය විදියේ චෝදනා එන්නේත් නැහ” යන්නත් එහි සඳහන් කොට ඇති අතර පුරා පිටු දෙකක් ආවරණය වන සේ ජනාධිපතිවරයා එම පුවත් පත සඳහා විශේෂ සාකච්ඡාව ලබාදී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2336717296864673953

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item