පිවිතුරු හෙළ උරුමය තිස්ස බලන්න යයි

බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උද...


බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂයේ නායකයින් පිරිසක් මැගසින් බන්ධණාගාරය වෙත පැමිණි අවස්ථාව.

නීතිය තිස්සට විතරද?

හිටපු ආමාත්‍ය තිස්ස අත්තනායක මැතිතුමා සිරකරුවෙක් වී බන්ධනාගාරයේ ඉන්නවා බලන්නයි ආවේ. එතුමාට එල්ලවෙලා තියෙන චෝදනා හරිම අපුරුයි. මහාඅධිකරණය විසින් තිස්ස අත්තනායක මැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරපු අභිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් දෙස බැලුවාම මේ නඩුව ලංකා ඉතිහාසයේ ඓතිහාසික නඩුවක් බවට පත්වීමට ඉඩ තියෙනවා. එතුමාට විරුද්ධව ඉදිරිපත් වන පළමු සාක්ෂිකරු තමයි රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දෙවැනි සාක්ෂිකරු රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමට විරුද්ධව නගලා තියෙනවා ප්‍රධාන චෝදනා 2ක්. පළමු චෝදනාව තමයි කූට ලේඛනයක් බව දනිමින් කූට ලේඛනයක් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීම. මේ කතා කරන්නේ 2014 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවකදී රනිල් සිරිසේන නමින් රහස් ගිවිසුමක් පිළිබඳ අපේ තිස්ස අත්තනායක මැතිතුමා පවත්වපු මාධ්‍ය හමුව. දැන් ඒ මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කළේ කූට ලේඛනයක් කියන අතරේම කූට ලේඛනයක් කියන පදනමෙන් තමයි එතුමාව අද අත්අඩංගුවට අරන් අභිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. 

ඔබට මතක ඇති ඔය චෝදනාව එල්ල වුනු සතියේම අද ආණ්ඩුවේ අමාත්‍ය දූරයක් දරන පා ච රණවක මැතිතුමා කූට ලේඛනයක් ඉදිරිපත් කලා. ලෙස්ට ජෙම්ස් පිරිස් මැතිතුමාගේ ඡයාරූපයක් විකෘති කරලා එතනට කේ පී නැත්නම් කුමරන් පද්මනාදන්ගේ ඡයාරූපයක් යොදලා කූට ලේඛනයක් සකසලා මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කලා විතරක් නෙවෙයි දැන් මේ කාරණයේ දී අදටත් මේක කූට ලේඛනයක් කියලා තිස්ස අත්තනායක මහතා පිළිගන්නේ නෑ. නමුත් එදා පා ච රණවක ඇමතිතුමන් තමන් ඉදිරිපත් කළේ කූට ලේඛනයක් කියලා පිළිගනිමින් ලෙස්ට ජෙම්ස් පිරිස් මැතිතුමාගේ නිවසට ගිහිල්ලා සමාවත් ඉල්ලා සිටියා. හැබැයි තිස්ස අත්තනායක මහතා පළමුවතාවේ දින 10ක් අත්අඩංගුවේ සිටියා. නැවතවතාවක් මාස එකහාමාරකට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. නමුත් නීතිපතිවරයා පා ච රණවක ඇමතිතුමාව එකවතාවක්වත් අත්අඩංගුවට අරගෙන නෑ.

අපිට මතකයි ගිය සතියේ පා ච රණවක ඇමතිතුමා කියනවා මේ රටේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව කටයුතු කරන්නේ නෑ කියලා. පාච ගොඩක් කියන ඇමතිතුමා ඉදලහිටලා ඇත්තක් ප්‍රකාශ කරාට මොකද, මේ රටේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව කටයුතු කලා නම් අද පා ච රණවක ඇමතිතුමා ඉන්න ඕනේ මේ බන්ධනාගාරයේ. මොකද, එතුමට එරෙහිව සන්දීප් ගුණවර්ධන අනතුර කිරීම පිළිබද දිවුරුම් ප්‍රකාශ වලින් තොරතුරු දුන්නා, දුරකථනයෙන් සාක්ෂි තහවුරු වුණා. හැබැයි පොලීසිය නිසි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කලේ නෑ. ඊළගට අපිට මතකයි පැනමා පත්‍රිකාවලට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවුණු රට එකම රට ලංකාවයි. ඒවගේම ගල්අගුරු වංචාවක් පිළිබඳ කතාවක් අවා. ඒවගේම කූට ලේඛන සිද්ධිය මේවා දිහා බැලුවම මේ පොලීසිය යහපාලන මුලධර්ම අනුව ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කලා නම් අද තිස්ස අත්තනායක මැතිතුමා වෙනුවට බලන්න එන්න වෙන්නේ පා ච රණවක ඇමතිතුමන්ව.

මේතුමට නගලා තියෙනවා අමුතු ජාතියේ චෝදනාවක් ඒ තමයි තිස්ස අත්තනායක මැතිතුමා ජනතාව අතර ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇතිකිරීමට උත්සහ කලා කියලා. හැබැයි එතුමගේ මේ ගිවිසුම පිළිබඳ කතාව අහලා කොතනවත් ජනවාර්ගික හෝ ආගමික ගැටුමක් ඇතිවුණු බවට කිසිම තොරතුරක් නෑ. හැබැයි අපිට මතකයි උතුරු පලාත් මහා අමාත්‍ය විග්නේෂ්වරන් මහතා උතුරු පලාතේ පවත්වපු පිබිදෙව් දෙමලුනි කියන උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් විදිහට වවුනියාවේ කොක්කෙලිය ගම්මානයේ සිටිය සිංහල ජනතාවට වහාම අපේ නිජබිමෙන් යන්න කියලා අන්තවාදීන් තර්ජනය කලා. එදාම කිලිනොච්චියේ සතොස ආයතනයේ වැඩ කරන සිංහල සේවකයන් දෙදෙනෙකුට පහර දුන්නා. මෙතුමා උතුරු පලාතෙන් බුදු පිලිම ඉවත් කරන්න කිව්වම බුදුපිළිම කැඩිම් පිළිබඳ වාර්තා වුණා. පන්සල් වලින් භික්ෂුන්වහන්සේලා එළවීම පිලිබඳව උතුරු පලාතෙන්ම වාර්තා වුණා. උතුරු පලාතෙන් හමුදා කදවුරු ඉවත් කළ යුතුයි කියා විග්නේෂ්වරන් මහතා උද්ඝෝෂණයේ දී පැවැසීමෙන් පස්සේ අපි දැක්කා සිලාවතුරේදී නාවික හමුදාවේ රණවිරුවන්ට අත්වෙච්ච අසරණ ඉරණම. ගම්වැසියන්ට එඩියක් අවා නාවික හමුදාවේ නිලධාරින්ව රාත්‍රීයක් පුරා බලහත්කාරයෙන් රදවා ගෙන ඉන්න. මේ කාරණා වලින් පෙන්නේ තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයෙන් කෙසේ වෙතත් විග්නෙෂ්වරන් මහතාගේ ප්‍රකාශයෙන් නම් ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇතිවිමක් සිදුවුණු බවයි. හැබැයි විග්නේෂ්වරන්ට පා ච රණවකට ක්‍රියාත්මක නොවුණු නීතිය අද තිස්ස අත්තනායක මැතිතුමාට විතරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙන් පේනවා අතිගරු ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව ප්‍රකාශ කල ආකාරයට මේ පොලීසිය නීතිපති දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් ඉන්න බව. 

රජයේ සාර්ථකම ව්‍යාපෘතිය උදය හෙලි කරයි

මෙවර අයවැය හරිම අපුරුයි. අපේ ජිවිත කාලය පුරාම හැමදාමත් අපි දැක්කේ සෑම වසරකම අයවැයෙන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මයට, සුබසාධනයට වෙන් කරන මුදල එක රුපියලකින් හරි වැඩි කරනවා. මෙවර අයවැයෙන් ඒ සදහා වෙන්කරන මුදල් දැවැන්ත ලෙස කප්පාදු කරලා තියෙන අතරේ ජනාධිපතිතුමාට වෙන් කරන මුදල 170% අගමැතිතුමාට වෙන්කරන මුදල 158% වැඩිකරලා තියෙනවා. ඒකෙන් පෙන්නේ මේ ආණ්ඩුව සමාජසුබවාදී ආර්ථිකයේ සිට සමාජ ප්‍රජාත්‍රන්තවාදී දර්ශනයේ සිට රාජ්‍යය ජනතා ජිවිතයට මැදිහත්වීම අවම කරන නව ලිබරල්වාදී දර්ශනයක් කරා මෙහෙයවමින් සිටින බවයි. ඒවගේම මේ ආණ්ඩුවේ සියළුම අමාත්‍යංශවල වැය ශිර්ෂ කපාදාලා ජනපතිගේ සහ අගමැතිගේ පමණක් වැය ශිර්ෂ ඉහල නංවන්න හේතුවක් තියෙනවා. මේ ආණ්ඩුවේ සාර්ථකම ව්‍යාපෘතියකට තියෙන්නේ එකම එකයි. ඒ තමයි එයා එනකොට මෙයා යන මෙයා එනකොට එයා යන ව්‍යාපෘතිය. පසුගිය මාසය ඇතුලත ජනාධිපතිතුමා තුන්වතාවකුත් අගමැතිතුමා හතරවතාවකුත් විදේශ ගත වෙලා තියෙනවා. ලෝක දැකීමේ ව්‍යාපෘතිය විතරයි ආණ්ඩුව සාර්ථකව නිම කරමින් ඉන්නේ. ඒනිසා වෙන්න ඔනේ වැඩියෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ ජනපතිටත් සහ අගමැතිටත් විතරක්. හැබැයි අපිට මතකයි අපේ ආණ්ඩුව කාළේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් වාර්ෂිකව වැඩිකරමින් සිටියදිත් දළ දේශිය නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරන්න කියලා අපේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු අප හිතවත් නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමාගේ නායකත්වයෙන් එදා පාරට බැස්සා. අධ්‍යාපනයට වෙන් කරන මුදල බරපතල ලෙස කපාහැරලා තියෙන මේ මොහොතේ ඒ විශ්ව විද්‍යාල ප්‍රජාව නිහඬ ඇයි කියලා අපිට ප්‍රශ්නයක්. මට විශ්වාසයි විශ්ව විද්‍යාල මිත්‍රයෝ ටික මහා දැවැන්ත උද්ඝෝෂණයක් නොබෝ දිනකින් කරාවී අධ්‍යාපන කප්පාදුව වහා නතර කරනු කියලා. අපි ඒකට නායකත්වය දෙන්න යන්නේත් නෑ. මොකද අපි හිතමිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා ඒකට නායකත්වය දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්න නිසා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6181110270350852655

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item