සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ 5ක් අත්අඩංගුවට - ජනපති වහා මැදහත් වී පරීක්ෂණ ක්‍රියාත්මක කරයි

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ (20) මධ්‍...

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) මධ්‍යම රාත‍්‍රියේ කංකසන්තුරේ ප‍්‍රදේශයේදී මෙම සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් ඔවුන් මියගිය බවයි යාපනය පොලිසිය පැවසුවේ.

එහෙත් ඔවුන්ගේ සිරුරුවල වෙඩි වැදුණු තුවාල දක්නට ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ ඒ අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ සේවය ද වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ චුන්නාකම් සහ කංකසන්තුරේ මාර්ගයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් 5 දෙනෙකුගේයි.

මියගිය සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කරන අවස්ථාවේ අහසට වෙඩි තැබූ බවයි ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2483311389314309751

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item