බැඳුම්කර ගනුදෙනුව - කෝප් කමිටුවේ ගැටුම් !

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටුව අභ්‍යන්තරයේ විශාල මතභේදය...

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටුව අභ්‍යන්තරයේ විශාල මතභේදයක් ඇති වී තිබේ.

මේ වන විට කෙටුම්පත් කර ඇති පිටු හතළිහකින් පමණ සමන් විත වාර්තාවේ ඇති කරුණු දෙකක් වෙනස් කළ යුතු යැයි එජාප මන්ත්‍රීවරුන් හඬ නැගීම මෙම විවාදයට හේතු වී ඇති අතර ඊයේ (20) වන දා උදෑසන 11 සිට සවස 6 තෙක් දීර්ඝ වශනේ මේ ගැන කෝප් කමිටු රැස්වීමේ දී වාද කර ඇත.

එජාප මන්ත්‍රීවරුන් තර්ක කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර වෙන්දේසියට යෑමට තීරණය කිරීම වැරැදි නොවන බවත් එය ඔහුගේ අන්තනෝමතික තීරණයක් නොන බවත්ය. ඒ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී පාඩුවක් වී නැතැයි ඔවුන් තර්ක කර ඇත.

එහෙත් අනෙක් පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් හරහා අලෙවි කිරීමට ගත් තීරණය අත්තනෝමතික බවත් එම වෙන්දේසියට ඔහුගේ බෑනා වන අර්ජුන් අලෝසියස්ගේ පර්චුවල් ටෙෂරීස් ආයතනය ඉදිරිපත් වීමත් අතර ගැටුමක් හරහා තිබෙන බවට තර්ක කළ බවත්ය.

එජාප කණ්ඩායමේ සුජීව සේනසිංහ හර්ෂණ රාකරුණා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සිට ඇත.

ඔවුන්ට විරුද්ධව සුනිල් හඳුන්නෙත්ති, මහින්දානන්ද අලූත්ගමගේ, නලින්ද ජයතිස්ස, ලසන්ත අලගියන්න, බිමල් රත්නායක ඇතුළු පිරිසක් තර්ක කර ඇත.

අද දිනද කෝප් කමිටුව රැස්වූ අතර, මේ සම්බන්ධව අවසාන වාර්තාව 25 වනදාපාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතය.

කෝප් කමිටුවේ සභාපතිත්වය උසුලන සුනිල් හඳුන්නෙත්ති මහතා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කියා සිටින්නේ බැඳුම්කර වෙන්දේසියේ දී බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවය.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වූයේ රුපියල් කෝටි 167ක වළක්වාගත හැකි පාඩුවක් සිදුව ඇති බව ය.

වංචා දුෂණවලට සම්බන්ධ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් ද වහාම අත්අඩංගුවට ගන්නැයි සිවිල් සංවිධාන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලපෑම් කරමින් සිටියි.

කෙසේවුවද මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියෙදී කිසිඳු වංචාවක් හෝ දුෂණයක් සිදුව නැතැයි අගමැතිවරයා පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4939705229928463955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item