දහම් සිරිසේන ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි [Photo]

අද අලුයම 2.00ට පමණ කොළඹ පිහිටි ‘Clique’ සමාජ ශාලාවට අතුළු වූ දහම් සිරිසේන සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් (PSD) පිරිසක් සමාජ ශාලාවට පහර දී දැඩ...

අද අලුයම 2.00ට පමණ කොළඹ පිහිටි ‘Clique’ සමාජ ශාලාවට අතුළු වූ දහම් සිරිසේන සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් (PSD) පිරිසක් සමාජ ශාලාවට පහර දී දැඩි අලාභ හානි සිදු කර ඇති අතර සේවකයෙකුටද පහර වැදී ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස ඩිෆෙන්ධර් රථ කිහිපයකින් පැමිණ සමාජ ශාලාවට ඇතුළුවීමට යාමේදී සේවකයෙකු එරය වැළැක්වීමට උත්සාහ කලේ යයි ගැටුම ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිලි කර ඇති බවත් එහි දහම් සිරිසේනගේ නමද ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලද ජීවන් පේ‍්‍රමදාස නම් පුද්ගලයා මේ වන විට කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරැු වාට්ටුවට ඇතළු කර ප‍්‍රතිකර ලබා දෙමින් තිබේ. කිසිවෙකුට ඔහු හමුවීමට ඉඩ නොදෙමින් ප‍්‍රභූ ආරක්‍ෂකයින්ද යොදවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරුවන් වන්නේ දිමිත්‍ර ජයසූරිය, නදීම් රාජාබ්දීන් හා යසාර් ෆාරුක් නැමති ව්‍යාපාරිකයන්ය.

සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල හිමිකරුවන්ගේ බලපෑම මත මේ වන විට ඉල්ලා අස්කර ගෙන තිබේ. සිද්ධිය සිදුවූ සමාජ ශාලාව අවට මේ වන විට ආරක්ෂක දැලක් යොදා ඇති අතර කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට එම ප්‍රදේශයට පැමිණීම සපුරා තහනම් කොට ඇත. එසේම කිසිදු මාධ්‍යක් හා කථා කිරීම හෝ අදහස් දැක්වීම රාත්‍රී සමාජශාලාවේ සියළුම සේවකයන්ට එහි හිමිකරුවන් විසින් වහාම බලපැවැත්වෙන පරිදි තහනම් කර තිබේ.

එමෙන්ම පහර කෑ ආරක්ෂක අංශයේ තැනැත්තා හමුවීමටද නොහැකි වන ආකාරයට ඔහු අසළද ආරක්ෂක අංශය රදවා සිටින බව කියවේ. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා එතෙර සංචාරය කරමින් සිටියදීය.

2013 වසරේ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයකදී ඔහු සහ ඔහුගේ මිතුරන් පිරිසක් වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යාලංකාරගේ පුත් අසේල විද්‍යාලංකාරට පහර දීමෙන් දහම් සිරිසේන පලමුවෙන්ම මාධ්‍ය අවධානයට ලක්වන ලදී.

දෙවන සිද්ධිය සිදුවූයේ යහපාලන රජය බලයට පත්වී දින කීපයක් ගතවීමත් සමගය. එදිනද ඔහු මේ ආකාරයටම රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වී යකා නැටීම හේතුවෙන් උරණ වූ ජනාධිපතිවරයා ඔහුට තරවටු කොට වැඩි දුර අධ්‍යාපනයට යැයි කියමින් එංගලන්තයට යවන ලදී.

බකිංහෑම්ෂයර් විශ්වවිද්‍යාලයට ඇතුල් වූ දහම් සිරිසේන එහිදී නිසි අධ්‍යාපනයක් නොලද අතර අධ්‍යාපන කටයුතු අතරමග නවතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණුනි. විශ්වවිද්‍යාලයට යාමට ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ මාසික කුලිය හිඟ තබා නිසි ලෙස එය නැවත භාර නොදී දහම් ලංකාවට පැමිණීමෙන් අනතුරුව අදාළ දේපළ සමාගම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දිගින් දිගටම ඔහුට නඩු පවරන බව දක්වමින් එන්තරවාසි එවා තිබිණ. පසුව ජනාධිපති වැඩිමහල් දියණියගේ හා බෑණාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය නිරාකරණය වුවද දහම් සිරිසේනගේ නම මේ වන විට අදාල දේපල සමාගම විසින් අසාදු ලේඛණ ගත කොට (Black list) ගත කොට ඇත.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1907583138366927697

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item