ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා - ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද මේ කියන්නේ

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝට...

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ පවසයි.

තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2611699709234751414

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item